SLFP 16 කල්ලිය විපක්ෂයට එන බවට මහින්දගෙන් ප්‍රතිඥා.


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමැතිවරුන් 16 දෙනා ලබන පාර්ලිමේන්තු රැස්‌වීමේදී විපක්‍ෂයේ අසුන් ගන්නා බව තමාට විශ්වාස යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

අගමැතිට එරෙහි වූ මෙම ඇමැතිවරුන් 16 දෙනා තවදුරටත් ආණ්‌ඩුවට අවශ්‍ය නැති බව පැවසුවත් රටේ ජනතාව එම 16 දෙනා මහත් ආදරයෙන් පිළිගන්නා බවද හෙතෙම පැවසීය.

මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.

අගමැතිට විරුද්ධව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට කොන්ද කෙළින් තියාගෙන පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළ මෙම ඇමැතිවරුන් 16 දෙනා අපට එක්‌වූ පසු අපි තවත් ශක්‌තිමත් වෙනවා. විපක්‍ෂය ජනතාවගේ හදවතට සමීපවෙලා. ජනතාවට දැන් විපක්‍ෂය ගැන බලාපොරොත්තුවක්‌ තිබෙනවා.

ආණ්‌ඩුව බලයට පත් වූ දවසේ සිට ජනතාවට මොනවද කළේ කියලා අපි ප්‍රශ්න කරනවා.

Info Sri Lanka TV

Powered by Blogger.