රාජිතට එජාප නියෝජ්‍ය නායක කම දෙන යෝජනාවට සජිත්ගේ විරෝධය.


සෞඛ්‍ය හා පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න  මහතාට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරක් ලබාදිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන හමුවේදී යෝජනා වී තිබේ.

අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් මෙම යෝජනාව කමිටුවට ඉදිරිපත්කර ඇත.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා සහ චතුර සේනාරත්න මන්ත්‍රීවරයාද එක්සත් ජාතික පක්ෂයට එක්වීමට මේවනවිට කැමැත්ත පළකර තිබේ.

එසේ වුවද සාගල රත්නායක මහතාගේ මෙම යෝජනාවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විරෝධයක් දක්වා ඇති බවද වාර්තාවේ.මෙම හමුව පසුගියදා අරලියගහමන්දිරයේදී පැවැත්විණි.

Info Sri Lanka TV

Powered by Blogger.