සෙනඟ නැති නිසා : එජාපයෙන් මැයි දිනයට පෙළපාලි නෑ.


මෙවර මැයි දිනයට පෙළපාලියක්‌ නොපවත්වා මැයි රැලියක්‌ පමණක්‌ පැවැත්වීමට එක්‌සත් ජාතික පක්‌ෂය තීරණය කර ඇත.

ඒ අනුව මෙවර එජාප මැයි රැලිය සුගතදාස ගෘහස්‌ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කළ බව වාර්තා වේ.

පසුගිය සෙනසුරාදා අරලියගහ මන්දිරයේ පැවැති පක්‌ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ අතරතුර එම තීරණය ගෙන තිබේ.

කෙසේ නමුත් Info Sri Lanka News සමඟ අදහස් දැක්වූ 'එජාප ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ' ප්‍රකාශකයෙක් පැවසුවේ පක්ෂයට ආණ්ඩු බලය තිබිය දීත්, මැයි රැළියකට සෙනග ගෙන ඒමට නොහැකි වීමෙන් පක්ෂයේ වර්තමාන පසු බෑම පෙනෙන්නට ඇති බවයි.

Info Sri Lanka TV

Powered by Blogger.