කෝටිපති ජ්‍යෙෂ්ඨයින්ගෙන් බදු ගන්නේ මෙහෙමයි.

ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරි කිරීමේ ගිණුම්වලට 5% ක රඳවා ගැනීමේ බද්ද අදාළ වනුයේ එවන් පුද්ගලයන්ගේ තැන්පතු මුදල රුපියල් කෝටි දෙකකට ආසන්නව තිබෙන අවස්ථාවන්හි දී පමණක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

"ජ්‍යෙෂ්ඨ පුරවැසියන්හට තම ඉතිරි කිරීම සඳහා සාමාන්‍ය බැංකු පොලී අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයක් ගෙවනු ලබයි. ඔවුන්ගේ ඉතිරිකිරීම් මත ලබන මාසික පොලී ආදායම රු. 125,000 දක්වා වන මුදලට කිසිදු බද්දක් අය කරනු නොලැබේ. රු. 125,000 ක මාසික පොලිය ලබන්නට නම් එක්කෝටි විසිපන්ලක්ෂයකට ආසන්න මුදලක් තම ඉතිරිකිරීමේ තැන්පතුවල තිබිය යුතුවේ. ඒසා විශාල මුදලක් තම ඉතිරිකිරීමේ ගිණුමේ පවත්වාගෙන යා හැකි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සිටිනුයේ ඉතා අතලොස්සක් පමණි."

Latest Video

Powered by Blogger.