රවී බොරදියේ මාළු බායි : විශ්වාසභංගයට ඡන්දය දෙන්න කොන්දේසි දායි.


තමන්ට ගැලපෙන සුදුසු අමාත්‍ය ධුරයක් සහ එක්සත් ජාතික පක්‍ෂයේ සුදුසු නායක තනතුරක් ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදෙන්නේනම් පමණක් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇතැයි වාර්තාවේ.

එසේනොකරන්නේනම් විශ්වාසභංගයට පක්‍ෂව ඡන්ද ප්‍රකාශ කරන බවද හෙතෙම අගමැතිවරයාට දැනුම්දී ඇතැයිවාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අද (03දා) සාකච්ඡා කර තීරණයක් ලබාදීමට අගමැතිවරයා එකඟ වී ඇතැයිද එජාපයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

විශ්වාසභංගය සම්බන්ධයෙන් රවි කරුණානායක මන්ත්‍රීවරයා විසින් ඊයේ(02ද) මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව  තිබූ බවත්, එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ මැදිහත්වීම මත එය අද දිනය දක්වා කල් දමා ඇති බවත් වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් Info Sri Lanka News එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් කළ විමසුමක දී පැවසුවේ රවී කරුණානායකට පක්ෂයේ අසාධාරණයක් වූ බව තමන් පිළිගන්න නමුත්, රවීගේ මෙම තීරණය බොර දියේ මාළු බෑමකටත් එහා ගිය අසීලාචාර, හිරිකිත දේශපාලන තීන්දුවක් බවයි.

(අද පුවත්පත ඇසුරිණි)

Info Sri Lanka TV

Powered by Blogger.