'එජාපයට තනියම ආණ්ඩු කිරීමට දෙන්න' - ඩිලාන්

විශ්වාසභංග යෝජනාවේදී එක්සත් ජාතික පක්‍ෂය බහුතරය පෙන්වා දී තිබෙන නිසා ඔවුන්ට තනිවම ආණ්ඩු කිරීමට ඉඩ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරයි.

ඉදිරියේදී පැවැත්වෙන පක්‍ෂ මධ්‍යම කාරක සභාවට ආණ්ඩුවෙන් ඉවත් වීමේ යෝජනාව ඉදිරිපත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය විපක්ෂයේ අසුන් ගැනීමට සැලසුම් කර තිබෙන බවද එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කළේය.

මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ ඊයේ (12දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය. විපක්ෂයේ අසුන් ගෙන සිටියද එක්සත් ජාතික පක්ෂය රට වෙනුවෙන් ප්‍රගතිශීලී කාර්යයක් සිදුකරන්නේ නම් ඒ සඳහා සහයෝගය ලබාදෙන බවද හෙතෙම පවසා සිටියේය.

Info Sri Lanka TV

Powered by Blogger.