Ad

සෙලින්කෝ ලයිෆ් වෙතින්, බිලියන 4.4 ක වාර්ෂික බෝනස්.


මෙරට ජීවිත රක්ෂණ කර්මාන්තයේ වෙළඳපොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ජීිවිත අරමුදල විසින් 2017 වසරේදී උපයාගත් අතිරික්ත මුදල් වලින් සමාගමේ රක්ෂණ ඔප්පු හිමියන් 300,000 කට ඉදිරි මාස දෙකක කාලය තුළදී රුපියල් බිලියන 4.4 ක් ඉක්මවන වාර්තාගත වාර්ෂික බෝනස් මුදලක් ප‍්‍රදානය කරන බව සමාගම නිවේදනය කර ඇත. 

මීට අමතරව සෙලින්කෝ ලයිෆ් වෙත තිබෙන පක්ෂපාතීත්වය අගය කරමින් ලබාදෙන ප‍්‍රතිලාභයක් ලෙස රක්ෂණ ඔප්පු හිමියන් 15,000 කට ක්‍ෂණිකව මුදල් කළ හැකි රුපියල් මිලියන 71 ක් වටිනා චෙක්පත් විශේෂ ‘අවුරුදු කෑෂ්’ බෝනස් ලෙස ප‍්‍රදානය කරන බව සමාගම පවසයි. 

රුපියල් බිලියන 4.4 ක් වන මෙවර සමස්ත බෝනස් මුදල සෙලින්කෝ ලයිෆ් සමාගමේ ඉතිහාසයේ ගෙවන වැඩිම බෝනස් මුදල වන අතර 2017 මූල්‍ය වසරේ ගෙවූ බෝනස් මුදලට වඩා මෙය 16%ක ඉහළ යාමකි. 

සමාගම විසින් මෙවර ගෙවන බෝනස් මුදල් පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ, ආර්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘අපගේ ප‍්‍රධාන ව්‍යාපාරික කටයුතු සහ ආයෝජන වලින් පසුගිය වසරේදී අපි වාර්තාගත මෙන්ම අගයකළ යුතු වර්ධනයක් ලබාගත්තා. වියදම් පාලනය කරගැනීම තුළින්ද ලැබුණු මෙම ප‍්‍රතිලාභ වලින් කොටසක් අපගේ රක්ෂණ ඔප්පුහිමියන්ට ප‍්‍රදානය කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. අපි කිසිදු අවස්ථාවක රක්ෂණ ඔප්පු හිමියන්ට ගෙවන ප‍්‍රතිලාභ, වරප‍්‍රසාද සහ ප‍්‍රජා සත්කාරක වැඩසටහන් අඩු කරන්නේ නෑ. අප විසින් ලබාගත් ඉහළ මෙහෙයුම් විශිෂ්ටත්වය මේ ආකාරයෙන් දැවැන්ත බෝනස් මුදලක් ගෙවීමට රුකුලක් වී තිබෙනවා.’ 

වාර්ෂික බෝනස් සඳහා 2017  දෙසැම්බර් මාසයේදී රක්ෂණ ඔප්පු මිලදීගත් අය පවා සුදුසුකම් ලබන්නේ රක්ෂණ ඔප්පුවක් මිලදීගත් මුල් කාලයේ සිටම බෝනස් ලබාදීම සඳහා සෙලින්කෝ ලයිෆ් විසින් ගෙන තිබෙන ප‍්‍රතිපත්තිය නිසාවෙනි. 

සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන්ට අපේ‍්‍රල් සහ මැයි මාසයේදී බෝනස් සහතික පත‍්‍ර තැපැල් මගින් එවන බව සමාගම සඳහන් කරයි. මෙම බෝනස් සහතික පත් සමග තෝරාගත් රක්ෂණ ඔප්පුහිමියන් වෙත විශ‍්‍රාම සැලසුමක් ලබාගැනීමේ විශේෂ සීමිත අවස්ථාවක් හිමිවන අතර මෙය වත්මන් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් වෙනුවෙන්ම නිර්මාණය කර ඇතැයි සමාගම පවසයි. මෙම විශේෂ දීමනාව 2018 ජුනි 30 වනදායින් අවසන් වේ. 

සිය ජීවිත රක්ෂණ ඔප්පුවේ කාල සීමාව 2017 දෙසැම්බර් 31 වන දිනට අවුරුදු 10, 15, 20 හෝ 25 සම්පූර්ණ කරන රක්ෂණ ඔප්පුහිමියන් කෑෂ් බෝනස් මුදල් ලබාගැනීම සඳහා සුදුසුකම් ලබයි. මේ අනුව, 25 වන වසර සම්පූර්ණ කරන ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට රක්ෂිත මුදලෙන් සෑම රුපියල් 1000 ක් සඳහාම රුපියල් 100 ක කෑෂ් බෝනස් මුදලක් හිමිවන අතර අවුරුදු 20 ක් සපුරන ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට රක්ෂිත මුදලෙන් සෑම රුපියල් 1000 ක් සඳහා රුපියල් 75 ක කෑෂ් බෝනස් මුදලක් හිමිවේ. මීට අමතරව, වසර 15 ක් සපුරන ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට රක්ෂිත මුදලෙන් සෑම රුපියල් 1000 ක් සඳහා රුපියල් 50 ක කෑෂ් බෝනස් මුදලක්ද, වසර 10 ක් සපුරන ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට රක්ෂිත මුදලෙන් සෑම රුපියල් 1000 ක් සඳහා රුපියල් 25 ක කෑෂ් බෝනස් මුදලක් පිරිනමයි. 

මේ වසරේ ගෙවන කෑෂ් බෝනස් මුදල්ද සමග සමාගම රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් කෑෂ් බෝනස් ලෙස තම ඔප්පුහිමියන්ට ගෙවා තිබේ. 

පිට පිටම හතරවන වරටත් වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් සෙලින්කෝ ලයිෆ් 2017 වසරේ මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස තෝරාගත් අතර නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

Powered by Blogger.