මනෝ ගනේෂන්ගෙන් එජාපයට චෝදනාවක්.


දෙමළ දේශපාලන පක්ෂ ඉදිරියට පැමිණීම වැළැක්වීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බව ජාතික සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි. 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) යාපනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"බලගතු දෙමළ දේශපාලන නායකයින් වගේම පක්ෂ ස්වාධීනව ඉදිරියට පැමිණීම ගැන එක්සත් ජාතික පක්ෂය සැලකිලිමත්ව ඉන්නේ. එහෙම දේශපාලන පක්ෂ ඉදිරියට පැමිණියොත් ඔවුන් එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කළ යුතුයි කියන තැන ඉන්නේ. මම හිතන්නේ ඒක එයාලගේ උපායක් කියලා. ඒ වගේම මම කියනවා 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස දෙමළ භාෂාව පාලන භාෂාවක් බවට පත් කර ගන්න මන්ත්‍රී යෝජනාවක් ගේන්නයි ඉන්නේ. එසේම දෙමළ ජනතාවගේ අනාගතය වෙනුවෙන් ආර් සම්බන්ධන් වගේම විග්නේෂ්වරන් එක්ව සාකච්ඡා කළ යුතුයි." යි පැවසීය.

Latest Video

Powered by Blogger.