විශ්වාසභංගයක් ගෙනාවොත් මුහුණ දෙන්න සූදානම් : සම්බන්ධන්


ඒකාබද්ධ විපක්ෂය තමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවොත් එයට මුහුණදීමට සූදානම් බව විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ යාපනයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවෙමිනි. එහිදී ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් ඒකාබද්ධ විපක්ෂය තමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට පෙළගැසෙන බවයි.

එහිදී ඒ මහතා අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.

විපක්ෂ නායකයකුට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සඳහා සදාචාර සම්පන්න හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායක්වත් නැහැ. මම හිතන්නේ ලෝකයේ කිසිම රටක විපක්ෂ නායකවරයෙකුට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඇවිත් නැහැ. Òඒකාබද්ධ විපක්ෂය මට විරුද්ධව අගමැතිවරයාට සහාය දීම සම්බන්ධයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවොත් මම එයට මුහුණදීමට සූදානම්.Ó

ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ නායකත්වයෙන් යුත් ජාතික ආණ්ඩුව ඉක්මනින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කෙරෙහි ද යොමුවිය යුතු බව ද ඒ මහතා පැවසීය. 

Latest Video

Powered by Blogger.