Ad

සම්බන්ධන් හා ජනපති අතර හමුවක් : ඒකාබද්ධයත් සාකච්ඡාවක්.


විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු පිරිසක් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙන බව වාර්තා වෙයි. 

ඒකාබද්ධය මහින්දගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවකට

හෙට (04) දිනයේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට අද (03දා) සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වන බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණයක් සමග හෙට (04දා) දිනයේදී අගමැතිවරයාට ගෙදර යෑමට සිදුවීම කිසි ලෙසකින් වළක්වා ගත නොහැකි බවද එම සංවිධානයේ ජාතික සංවිධායක රංජිත් සොයිසා මහතා සඳහන් කළේය.


මේ නිසා අගමැතිවරයා අද දිනයේදීම ඉල්ලා අස්විය යුතු බවද හෙතෙම පවසා සිටියේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂයේ සියලුම දෙනාම සහභාගි වීමට නියමිත බවත්, විදේශ ගතව සිටි සියලුම දෙනාත් මේ වන විට ලංකාවට පැමිණ තිබෙන බවත් හෙතෙම කියා සිටියේය.

Powered by Blogger.