'යහපාලනයෙන් රටට සෙතක්‌ වුණේ නැහැ' - රවි කරුණානායක.


මෙය යහපාලනයක්‌ නොවන බවත් යහපාලන රජය යටතේ රටට කිසිම සෙතක්‌ සැලසී නැති බවත් හිටපු ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පැවැසීය.

 කොළඹ තොටළඟ එජාප මැතිවරණ කාර්යාලයේදී ඊයේ (18 වැනිදා) පැවැති උත්සවයක්‌ අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

 එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රවි කරුණානායක මහතා මෙසේද කීවේය.

 තමාට ඇමැතිකමක්‌ දීමට ජනාධිපතිතුමාද අකමැති නැති බවත් තමන්ට අවශ්‍යව ඇත්තේ රට හැදීම වෙනුවෙන් එක්‌ව ක්‍රියාකිරීම බවද කීවේය.

 යහපාලනය නිසා විනාශකාරී තත්ත්වයට සහ රට විහිළුකාරී තත්ත්වයකටද පත්ව ඇති බවද කී කරුණානායක මහතා තමා ඇමැති තනතුර දැරූ සමයේදී ගෑස්‌ ඇතුළු භාණ්‌ඩ කිහිපයක්‌ පවතින මිලට වඩා අඩුවට තිබූ බවද වැඩිදුරටත් කියා සිටියේය.

Info Sri Lanka TV

Powered by Blogger.