ද්‍රවිඩ සන්ධානයට අභියෝගක් : විගී, තරුණ සමුළුවක්‌ කැඳවයි.


ද්‍රවිඩ සන්ධානයට අභියෝග කරමින් උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේශ්වරන් මහතා විසින් ද්‍රවිඩ තරුණ සමුළුවක්‌ කැඳවා ඇත.

තම ද්‍රවිඩ ජාතික කවුන්සිලය ලවා ඔහු මෙම තරුණ සමුළුව කැඳවා ඇත්තේ යළි උතුරේ මහ ඇමැති ධුරය සඳහා තරග කිරීමට බව හෙළි වී තිබේ.

උතුරු මහ ඇමැතිට පක්‍ෂව සහාය දීමට ඊ. පී. ආර්. එල්. එµa. සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ඉදිරිපත් වී ඇත.

එහෙත් ප්ලොට්‌ නායක සී. සිද්ධාර්ථන් මහතා මෙතෙක්‌ තීරණයක්‌ ගෙන නැතැයි ප්ලොට්‌ ආරංචි මාර්ග පවසයි.

මේ අතර විග්නේශ්වරන් පසුපස සිටින පුද්ගලයන් ගැන ද්‍රවිඩ සන්ධාන නායකත්වය නිරීක්‍ෂණයේ යෙදී සිටින බවද වාර්තා වේ.

Ad
Powered by Blogger.