Ad
Ad

යහපාලනයේ අලුත්ම එක : ඉදිරි වසර දෙක සඳහා අන්තර් පාලන රජයක්.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුව තුළ ඉදිරියටත් කටයුතු කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කෙරුනු කමිටුවේ වාර්තාව මගින් ඉදිරි වසර දෙක සඳහා අන්තර් පාලන රජයක් පවත්වා ගෙන යාමට යෝජනා කර ඇති බව එම කමිටුවේ සභාපති අමාත්‍ය සරත් අමුණුගම පවසයි. 

ඊයේ (21) කොළඹදී පැවති උත්සවයකින් පසුව මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ එම කමිටු වාර්තාව ඊයේ දිනයේදී සකස් කර අවසන් කරන බවත් දිවයිනට පැමිණි විගස ජනාධිපතිවරයාට එම වාර්තාව භාර දෙන බවත් ය.

ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගන්නා බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ශ්‍රීලනිපය ඉදිරියටත් ජාතික ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කෙරුනේ පසුගිය 13 වනදා ය.

ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතිත්වයෙන් පත් කෙරුනු එම කමිටුවට ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර, රංජිත් සියඹලාපිටිය සහ මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන් ඇතුළත් ය.

Powered by Blogger.