Ad

බන්දුලගේ ප්‍රකාශයට විමල්ගේ විරෝධය.


‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම’ ට ඒකාබද්ධ විපක්ෂය මේ දක්වා තීරණයකට නිල වශයෙන් එළැඹ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා පවසයි.

පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ඒමට යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධයට ඉහත කී කොන්දේසිය යටතේ සහාය දක්වන බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එම පක්ෂයට දක්වා ඇති බවත්.

කෙසේ වෙතත්  එවැනි තීරණයක් ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වුවහොත් ජාතික නිදහස් පෙරමුණ ඊට දැඩි ලෙස විරුද්ධ වන බව විමල් වීරවංස මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙයි.

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.