ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රෑට රැස්වෙයි : තීන්දුව සුදානම්.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (24) රාත්‍රි 8.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතව තිබේ.

පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ, පසුගිය දා ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනා ද අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගී වන බවයි.

ජනාධිපතිවරයාගේ නිල නිවසේදී එම රැස්වීම පැවැත්විමට නියමිතය.

මේ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාද සහභාගිවනු ඇතැයි පැවසේ.

මීට පෙර මේ සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගි වනු ඇති බවට පුවත් පලවුවද, මෙතෙක් එය ස්ථිරවී නොමැති බවද වාර්තා වේ.

අද රැස්වීමේදී යහපාලන ආණ්ඩුව තුළ ශ්‍රීලනිපය තවදුරටත් සිටින්නේද නැද්ද යන්න තීරණයවීමට නියමිත බවද පැවසේ.

Info Sri Lanka TV

Powered by Blogger.