මහරගම බයිසිකල් 25න් 19ක්‌ රැස්‌වීමට නෑ : එජාපයේ සහයත් බයිසිකලයට?


මහරගම නගර සභාවේ පාලන බලය හිමිකරගෙන සිටින ස්‌වාධීන කණ්‌ඩායමේ (බයිසිකලය) සභිකයන් 25 දෙනාගෙන් 19 දෙනකුම ඊයේ (04දා) පැවැති මහරගම නගර සභා රැස්‌වීමට සහභාගි නොවූ අතර මේ පිළිබඳ නාගරික මන්ත්‍රීවරුන් සභාපතිවරයාගෙන් ප්‍රශ්න කළේය. 

එම කණ්‌ඩායම නියෝජනය කරමින් රැස්‌වීමට පැමිණ සිටියේ සභාපති විරා- ලක්‌රුවන් ප්‍රියරත්න, උප සභාපති එම්. සී. රාජපක්‌ෂ, ලක්‌මිණී තුෂාරි, හර්ෂනී රුවන්ති, දිමන්සි කුසුම්සිරි, ලලිත් ගුණවර්ධන යන හය දෙනා පමණි. 

එයින් උප සභාපති ඉතා වයෝවෘද්ධ පුද්ගලයකු වේ. මෙහිදී කතා කළ මන්ත්‍රී ධනුෂ්ක රාමනායක (එජාප), සුනිල් කොඩිතුවක්‌කු (එජනිස), සමන් සේනාධීර (එජනිස) යන මන්ත්‍රීවරුන් කියා සිටියේ බයිසිකලය කණ්‌ඩායමට බඩල්ගම හා වැල්ලවත්තේ පදිංචි සභාපතිවරයාගේ බාප්පා, සීයා, ආච්චි, පුංචි අම්මා ආදී කණ්‌ඩායමක්‌ එහි මන්ත්‍රීවරුන් කර ඇති බවය.

ඔවුන් අපට දැක බලා ගැනීමටවත් ඉදිරි සභා වාරයට සභාවේ පුටුවල වාඩි කරවන ලෙසට ද ඉහත මන්ත්‍රීවරුන් දන්වා සිටියහ. 

මෙවර පැවැති පළාත් පාලන ප්‍රතිඵලයට අනුව මහරගම නගර සභාව නියෝජනය කිරීමට මන්ත්‍රීවරු 47 දෙනකු තේරී පත්වූ අතර ඉන් ඊයේ පැමිණ සිටියේ 27 දෙනකු පමණි.

ඒ පැමිණ සිටි අය අතර එජාපයෙන් මන්ත්‍රීවරු 11 දෙනකුද, එජනිසයෙන් මන්ත්‍රීවරු 07 දෙනකුද, ජවිපෙන් මන්ත්‍රීවරු 05 දෙනකුද, ස්‌වාධීන කණ්‌ඩායම (බයිසිකලය) මන්ත්‍රීවරු 05 දෙනකුද, ස්‌වාධීන කණ්‌ඩායම (බැට්‌ එක) මන්ත්‍රීවරයකු ද ලෙසය.

එහිදී සභාව ඇමතු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ධනුෂ්ක රාමනායක මහතා,


Info Sri Lanka TV

Powered by Blogger.