දෙමල ජාතික සන්ධානයේ 13කගේ සහ මුස්ලිම් පක්ෂවල සහයත් රනිල්ට.

ආණ්ඩුවට සහය දක්වනු ලබන මුස්ලිම් පක්ෂ සමඟ අද පස්වරුවේ රනිල් වික්‍රමසිංහ මහතා හා එජාප ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවලදී මුස්ලිම් පක්ෂවල සහය රනිල් වික්‍රමසිංහ මහතාය ලබාදීමට එකඟවූ බව එජාප ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු කියා සිටියේය.

ඒ, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව හෙට (04) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විශ්වාස භංග ඡන්ද විමසීම සඳහායි.

එසේම, දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු අගමැතිවරයාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවට සහතිකවූ බව එජාප ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු පැවසිය. 

දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා එජාප නායකයින් සමග අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ජාවක දී මේ සම්බන්ධයෙන් අවසන් එකඟත්වයට පැමිණ ඇති අතර එසේ එකඟවී ඇත්තේ කොන්දේසි කිහිපයක්ද සමගිනි. 

අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම සාකච්ජාව සම්බන්ධීකරණය කර තිබේ.

දෙමල ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේ ආසන 16ක් නියෝජනය කරන අතර අද පැවැති රැස්වීමට ඉන් මන්ත්‍රීවරු 13 දෙනෙකු සහභාගිවී සිටි බවද මේ අතර වාර්තා වේ.

Info Sri Lanka TV

Powered by Blogger.