රවීට විරෝධය පා, ජෝශප් මයිකල් ඉවත් වෙයි : එජාප නව තනතුරුවලට අනුමැතිය.


එක්සත් ජාතික පක්ෂය නියොජනය කරන ජ්‍යෙෂ්ඨ පක්ෂ සාමාජිකයෙක්, හිටපු අැමතිවරයෙක්, හිටපු කතානායකවරයෙක් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද වෙන ජෝශප් මයිකල් පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ උපනායක ලෙස රවී කරුණනායක මහතා තවදුරටත් තබා ගැනීමට ගත් තීරණයට වීරෝධය දක්වමින් ඔහු එම තනතුරින් ඉල්ලා අස්වීමට ීරණය කර ඇති බව වාර්තා වෙයි.

එජාප නව තනතුරුවලට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය

එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු සඳහා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාව ලැබී ඇති බව වාර්තා වෙයි.

නව තනතුරු සඳහා නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (25දා) යෝජනා කළේය.

එම තනතුරු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට අද ඉදිරිපත් කරනු ලැබිය.

එක්සත් ජාතික පක්ෂයේ නායක, නියෝජ්‍ය නායක හා උපනායක තනතුරුවල වෙනසක් ඇති නොවුණි.

එහි මහ ලේකම්, නියෝජ්‍ය ලේකම්, ජාතික සංවිධායක, භාණ්ඩාගාරික, සභාපති යන තනතුරු වෙනස් විය.

අනාගතය වෙනුවෙන් කැප වෙනවා : අකිල

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් තමන් වෙත පැවරෙන වගකීම් නිසි පරිදි ඉටු කරමින් පක්ෂයේ අනාගතය වෙනුවෙන් කැප වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී   මාධ්‍යවේදීන්  අමතමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.

"මට කිසිම කණ්ඩායම් බෙදීමක් නෑ.මම පක්ෂයේ සියල්ලන් සමඟි කර ගනිමින් පක්ෂය නව ගමනක් රැගෙන යනවා." යනුවෙන්ද එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී කියා සිටියේය.

Info Sri Lanka TV

Powered by Blogger.