පොහොට්ටුවේ ගැටුම් උග්‍රවෙයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කල හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා හම්බන්තොට නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස පත් කිරීමට සහාය දැක්වීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයත්වයට තමන් විරුද්ද වන්නේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

නාමල් රාජපක්‍ෂ මහතා සිට ට්විටර් ගිණුමේ මේ බව සදහන් කරමින් තබා ඇති සටහන මෙසේය.


පසුගිය පළාත් පාලන මැතිවරණයේදී හම්බන්තොට නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජිතයින් 09 දෙනෙකුද, පොහොට්ටු පක්ෂයෙන් නියෝජිතයින් 07 දෙනෙකුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නියෝජිතයින් 05 දෙනෙකුද තේරීපත්විය.

නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා නම් යෝජනා කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ ඩී. ඒ. ගාමිණි මහතාගේ නම ප්‍රථමයෙන් යෝජනා වූ අතර පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ නමද යෝජනා විය. 

මෙහිදී දෙදෙනෙකුගේ නම් යෝජනා වූ බැවින් විවෘත ඡන්දයක් මගින් නගරාධිපති තෝරාගැනීම සිදු විය.

ඒ අනුව පැවැත්වූ ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයේ ඩී. ඒ. ගාමිණි මහතාට ඡන්ද 09ක් හිමි වූ අතර එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාට ඡන්ද 11ක් හිමි විය. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකී සිටියේය. 

කෙසේ නමුත් වැඩි ඡන්ද 11ක් ලබා ගත් එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතාට හම්බන්තොට මහනගර සභාවේ නගරාධිපති ධුරය හිමි විය.

''පවිත්‍රා හා සැමියා දේශපාලන කුපාඩිකමක ''

මේ අතර රත්නපුර මහ නගර සභාව සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නගරාධිපතිවරයෙක් පත් කර ගත් ක්‍රමවේදය ගැන එම දිස්ත්‍රීක්කයේ ඒකාබද්ද විපක්‍ෂ මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පල කරයි.

රංජිත් සොයිසා, ප්‍රේමලාල් ජයසේකර, ජානක වක්කුඹුර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා තවත් මහජන නියෝජිතයන් පිරිසක් විසින් රත්නපුරයේදී මාධ්‍ය හමුවක් පවත්වා මෙම විරෝධය පල කරන ලදී.

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රීක් මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුනගේ සහාය ගෙන තම නියෝජිතයෙක් නගරාධිපතිවරයා ලෙස පත් කලේ යයි එම පිරිස චෝදනා කරනු ලැබීය.

මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි හා ඇගේ සැමියා වන සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න විසින් කරන ලද්දේ දේශපාලන මගෝඩිකමක් යයි එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්ද සොයිසා මහතා කියා සිටියේය.

මෙම දේශපාලන කුපාඩිකමට ඔවුන් දෙදෙනා වගකිව යුතු යයිද මන්ත්‍රීවරයා දැඩිව චෝදනා කලේය.





මහින්ද, පවිත්‍රාට බැන්නාද ?

කෙසේවුවද ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නේ, රත්නපුර නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තනිව පිහිටුවිය හැකි තත්වයක් නොතිබූ නිසා එසේ පැවති වෙනත් සභාවලදී කටයුතු කල ආකාරයටම රත්නපුරයේදී වෙනත් පක්‍ෂවල සහාය ලබාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බලය පිහිටවූ බවයි.

ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමන් කැඳවා දැඩිව අවවාද කලේ යයි පල වන වාර්තා දැඩිව ඇය දැඩිව ප්‍රතික්ෂේප කළාය.

රත්නපුර නගර සභාවේ පාලන බලය පිහිටුවීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත හිටපු ජනාධිපතිවරයා විසින් තමාට අවවාද කලේ යයි පල වූ වාර්තා සම්බන්දයෙන් අදහස් කල කරමින් ඇය මේ බව පැවසීය.

Latest Video

Powered by Blogger.