විශ්වාසභංගය දේශපාලන න්‍යාය පත්‍රයක් : සම්බන්ධන්.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව රැගෙන ආ දෙයක් බව විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

විශ්වාසභංග යෝජනාවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. 

"දූෂණයට තරා තිරම නොලබා දඩුවම් ලබාදිය යුතුයි. මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ වූවන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. විශ්වාසභංග යෝජනාව ගෙන ආ කාලය බැලූවිට එය දේශපාලන න්‍යාය පත්‍රයක් බවට පැහැදිලියි.

ඇයි මේ අවස්ථාවේදී විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවේ කියා සාකච්ඡා කළ යුතුයි. අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර වංචාවට සම්බන්ධ බවද සාක්ෂි ඉදිරිපත් කර නෑ. බැඳුම්කර වංචාව වුණේ මීට වසර තුනකට කලින්"

Latest Video

Powered by Blogger.