සිරිපාල කලකිරී රට යයි.


විශ්වාසභංගය ජයග්‍රහණය කළහොත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් විසින් අගමැති අපේක්ෂකත්වයට නම්කර සිටි ජ්‍යෙෂ්ඨ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා දැඩි ලෙස කලකිරීමට පත්ව විශ්වාසභංග ඡන්දය දා හදිසියේම විදේශ ගතව ඇතැයි වාර්තා වේ.

ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ බහුතර තීරණය අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තනතුරින් ඉවත් වන්නැයි ඉල්ලා සිටියේද නිමල් සිරිපාල ද සිල්වා මහතාය.

එහෙත් එදිනම ශ්‍රීලනිපයේ ඉහළ තලය සිය දේශපාලන ස්ථාවරය වෙනස් කිරීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්වූ බව සිය සමීපතමයන් සමඟ පවසා ඇති නිමල් සිරිපාල මහතා ඡන්දයටවත් නොසිට ලන්ඩනය බලා පිටත්ව ගොස් ඇත.

මේ අතර ඔහු සිය ඉතා විශ්වාස මිතුරුන් හා පවසා ඇත්තේ අපි එකම පාසලේ යැයි කියමින් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා තමාව අමාරුවේ දැමූ බවයි.

තම පාසලෙන් අගමැතිවරයෙකු බිහිකරන සටනට එජාපයේ ජ්‍යෙෂ්ඨයකුත් සහය දෙන බවත්, තිලංග පවසා සිටි බවත් ඔහු හමුවී මේ ගැන විමසූ විට අදාළ ඇමතිවරයා තුෂ්නිම්භූත වූ බවද ඔවුන් සමඟ පවසා තිබේ.

Info Sri Lanka TV

Powered by Blogger.