සමාගම් ලියාපදිංචිය අන්තර්ජාලයෙන් : දවස් 9 ක වැඩ දැන් එක දවසින්.
රුපියල් මිලියන 75 කට අධික පිරිවැයක් දරා දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය ඔස්සේ මෙතෙක් කලක් සමාගමක් ලියාපදිංචිය සඳහා ගත වූ දින 9 ක කාලය දින 1 ක් දක්වා අඩුකර ගැනීමට හැකි බව වාර්තා වේ.
පසුගිය දා හඳුන්වා දෙන ලද E-ROC ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් වානිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අශෝක මහතා පැවසුවේ පසුගිය 2017 වසර තුළ දී පමණක් නව සමාගම් 9,782 කට වඩා වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇති බවයි.
මෙම නව ව්‍යාපෘතිය තුළින් දැනට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇති සමාගම්, සමාගම් නාම වෙන්කිරීම, ලියාපදිංචි කිරීමේ අයදුම්පත් යැවීම, නාම අනුමත තත්ත්වයන් විමසීම් වැනි සේවාවන් රැසක් ලබා ගත හැකිය. මේ පිළිබඳ වැඩි විස්තර http://43.224.127.148:8080/InfoBizRegWeb/pages/public/index.xhtml වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.