අන්තර් වැවිලි සත් සාමාජික රග්බි තරඟාවලියට Ag star ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය.


18 වෙනි වරට පැවැත්වෙන අන්තර් වැවිලි සත් සාමාජික  රග්බි තරඟාවලිය සඳහා අනුග‍්‍රාහක දායකත්වය ලබා දීමට Ag star සමාගම තීරණය කොට තිබේ. මෙවර තරඟ පැවැත්වෙන්නේ අපේ‍්‍රල් 07 වන දින හැටන් හි පිහිටි DMCC (Dickoya Maskeliya Cricket Club) කී‍්‍රඩා පිටියේදීය.

පසුගියදා කොළඹ දී පැවති මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය විය. 

මෙම මාධ්‍ය හමුවට Ag star සමාගමේ අලෙවි අධ්‍යක්‍ෂ අතුල ගුණරත්න මහතා , සහකාර සාමාන්‍ය අධිකාරී අලෙවි ධනුෂ්ක ද සොයිසා සහ වෙළඳ කළමණාකරු අමිල රත්නායක යන මහත්වරු Ag star නියේජනය කළ අතර BMCC නියෝජනය කරමින් එහි ලේකම් සහ තරඟාවලියේ ප‍්‍රධාන සංවිධායක මංජුල සමරකෝන් මහතාද භාණ්ඩාගාරික කැලූම් සමරතුංග මහතාද සහභාගී විය.

මාධ්‍ය අමතා Ag star සමාගමේ අලෙවි අධ්‍යක්‍ෂ අතුල ගුණරත්න මහතා පවසා සිිටියේ "වැවිලි කර්මාන්තය සමග ඉතා ලඟින් කටයුතු කරන Ag star ආයතනය  වැවිලි කර්මාන්තයට ඉතා උසස් කෘෂි යෙදවුම් සහ පොහොර සපයනවා මෙන්ම ඔවුන්ගේ අනෙකුත් ක‍්‍රීයාකාරකම් වලදී නිරන්තරයෙන් සහයෝගය දක්වන අතර මෙම අනුග‍්‍රාහකත්වයද" එවැන්නක් බවයි.

මාධ්‍ය ඇමතූ මංජුල සමරකෝන් මහතා "මෙම රග්බි තරඟාවලිය වසරක් පාසා පැවැත්වෙන ප‍්‍රධානපෙළේ තරඟයක් බව පවසා සිටි අතර පාසැල් රග්බි ක‍්‍රීඩකයන්ට වැවිලි කර්මාන්තය සමග එකතු වී රග්බි පාපන්දු ක‍්‍රීඩාවේ නියෙලීමටද ආරාධනා කළේය. 

මෙම තරඟාවලිය සඳහා,

Thalawakele Tea Estate PLC
Maskeliya Plantation PLC
Bogawanthalawa Tea Estate
Pussellawa Plantation Ltd(Combine)
Elpitiya Plantation Plc.
Hapugasthenna & Udapussalaawa Plantation Plc(combine)
Hatton Plantation Plc
Kelani Valley Plantation Plc
Malwatthe Valley Plantation Plc
Mathurata Plantation Ltd
Namunukula & Kegalle Plantations Plc(combine)

Sri Lanka Estate Plantation Corporation   

යන කණ්ඩායම් සහභාගී ව්මට නියමිතය.

මෙම තරඟාවලිය අපේ‍්‍රල් 07 වන දා උත්සවශ‍්‍රීයෙන් පැවැත්වීමට නියමිතයි.


Info Sri Lanka TV

Powered by Blogger.