HUAWEI අලෙවියෙන් පසු සේවා පහසුකම් පුළුල් කරයි.


ශ්‍රී ලංකාවේ අංක 1 දක්වා වේගයෙන් වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei පාරිභෝගිකයාගේ පහසුව තවදුරටත් තහවුරු කරමින් දිවයින පුරා සිය සේවා මධ්‍යස්ථාන ජාලය සහ එකතු කිරීමේ ජාලය පුළුල් කරයි. මේ වනවිට Huawei දිවයින පුරා මෙහෙයුම් මධ්‍යස්ථාන හතක් පවත්වාගෙන යයි. ඒ කොළඹ, මහනුවර, ගාල්ල, මාතර,අනුරාධපුර, මඩකලපුව සහ යාපනය යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමිනි.

Huawei ස්මාර්ට්ෆෝන් සහ ටැබ්ලට් අළුත්වැඩියා කිරීම, නඩත්තු කිරීම, සහ වගකීම් සේවා ලබාදීම යනාදී සේවාවන් සියල්ල මෙම Huawei සේවා මධ්‍යස්ථාන වලදී සිදුකෙරේ. එපමණක් නොව මෙම අළුත් අවුරුදු සමයේ නවතම ස්මාර්ට්ෆෝන් සහ අනිකුත් උපාංග මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව සැලසෙයි. Huawei මූලස්ථානය විසින් පුහුණ කරවනු ලැබූ පුහුණු සේවකයින් විසින් මෙම මධ්‍යස්ථාන වලදී සේවා පහසුකම් සපයන බැවින් තත්වයෙන් උසස් හා තාක්ෂණයෙන් උසස් සේවා පහසුකම් ලබාගැනීමට මෙහිදී අවස්ථාව සැලසෙයි.

මෙම නව ව්‍යාප්තිය යටතේ Huawei සමාගම දිවයින පුරා එකතු කිරීමේ මධ්‍යස්ථාන 380 ක් පිහිටුවීමට නියමිත අතර එමඟින් දිවයින පුරා විසීරී සිටින Huawei පාරිභෝගිකයින් වෙත තත්වයෙන් උසස් අලෙවියෙන් පසු සේවාවක් සැපයීමට අපේක්ෂා කරයි. ප්‍රධාන Huawei මධ්‍යස්ථාන වෙත පැමිණිය නොහැකි පාරිභෝගිකයින්ගේ පහසුව සඳහා මෙම සේවා මධ්‍යස්ථාන ව්‍යාප්තිය සිදුකර ඇති අතර පාරිභෝගිකයින්ට සිය Huawei ස්මාර්ට්ෆෝන් සහ ටැබ්ලට් අළුත් වැඩියාව සඳහා භාර දීමට මෙන්ම යළි ලබාගැනීමට වඩා පහසු ස්ථානවල මෙම සේවා මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිතය.

Info Sri Lanka TV

Powered by Blogger.