'IMF කියනදේ කිරීමට සුදානම් නෑ' - මංගල, 'VAT MAN' රවීට කියයි.


ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන කියනදේ කිරීමට තමා සුදානම් නැතැයිද නව දේශිය අදායම් පනත මුල්‍ය අරමුදල විසින් සකස් කරන ලද්දක් නොවන බවද මුදල් ඇමති මංගල සමරවීර මහතා කීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අහිතකර දෙයක් යෝජනා නොකරන බවද එම ආයතනය වැදගත් ආයතනයක් බවද මංගල සමරවීර මහතා කීය.

පසුගිය දා හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා චෝදනා කර සිටියේ නව දේශීය ආදායම් පනත තුළින් පනවා ඇති බදු ජනතාවට දරාගත නොහැකි මට්ටමේ ඒවා බවත් මේ සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උවමනාවට සිදුවන වෙනස්කම් බවයි.

කෙසේ නමුත්  හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ධුරය දරන සමයේ සමාජ මාධ්‍ය තුලින් ඔහුව හඳුන්වා තිබුණේ 'VAT MAN' ලෙසයි.

Info Sri Lanka TV

Powered by Blogger.