Info Sri Lanka News බ්ලොක් කරේ කවුද?



2014 වසරේ ආරම්භ වූ Info Sri Lanka News වෙබ්අඩවිය ආරම්භයේ පටන් ම දුෂණයටත්, මර්ධනයටත් එරෙහිව හඬ නැගු මෙරට ප්‍රමුඛතම වෙබ්අඩවියක් විය.

මේ නිසා ම මර්ධිතයන්ගේ දෑත් අප වෙත නිරන්තරයෙන් ම දිගු වූ අතර එය අප ගමන නවතා දැමීමට කිසිසේත් ම සමත් වුවක් නොවීය.

මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු අනේක විධි යහපාලන මුලධර්මයන් ගොඩනැගීමේ පොරොන්දු මතින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව ද මාධ්‍යයට අත තැබුවේ කිසිදු හිරිකිතයකින් තොරවය.

එහි වර්තමාන ගොදුර බවට පත්වීමට Info Sri Lanka News අපට සිදුව තිබේ.

කෙසේ නමුත් වත්මන් රජයේ එක්තරා ප්‍රබල අමාත්‍යවරයෙක් සහ සභාපතිවරයෙක් මෙම මර්ධනය පසුපස ඇති බවට අපට දැනගන්නට තිබේ.

කකුළුවා නටන්නේ හැලියේ දිය රත්වන තුරු බැවින් කකුළුවාට තවත් ටිකක් නටන්නට ඉඩ තබා අප ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් පමණක් පෙනී සිටින්නෙමු!!!

Info Sri Lanka TV

Powered by Blogger.