ඩිජිටල් ලෝකයේ මානව සම්පත් පෙරළියට IPM Sri Lanka සුදානම්.


‘ඩිජිටල් ලෝකයේ මානව සම්පත් පරිවර්තනය’ යන තේමාව පෙරදැරිකරගෙන කාලින අවශ්‍යතාවයක් ලෙස 2018 ජාතික මානව සම්පත් සමුළුව (NHRC 2018), ජූනි 6 සහ 7 යන දෙදින තුල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය තුලදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව ශ්‍රී ලංකා පිරිස් කළමනාකරණ ආයතනය (IPM Sri Lanka) පවසයි.

1,000 කට අධික දේශීය සහ විදේශීය සහභාගිත්වයක් අපේක්ෂා කරන දකුණු ආසියාවේ විශාලතම මානව සම්පත් සම්මේලනය වන මෙම සමුළුව, IPM ආයතනය මගින් සංවිධානය කරන අතර, මෙවර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා රජයේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සහභාගිවීමට නියමිතය.

සමුළුවේ ප්‍රධාන දේශනය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ HSBC හී ප්‍රධාන විධායක නිළධාරිතුමන් වන මාක් ජි. ප්‍රෝතෙරෝ මහතා විසින් පවත්වනු ලබන අතර සමුළුවේ විවිධ තාක්ෂණික සැසිවාරයන්හිදී විශේෂ දේශනා කිහිපයක් ආචාර්‍යය කසුඔ යනෝ (ඩිජිටල්කරණය තුලින් ව්‍යාපාරික ස්ථානයේ සන්තුෂ්ටිය), ආචාර්‍යය ධනුෂ්ක බොල්ලෑගල (ඩිජිටල් යුගයක් තුල මානව සම්පත් හී පෙරළිය), ආචාර්‍යය ඩි. ප්‍රසාන්ත් නයීර් (කෘතිම බුද්ධිය තුලින් මානව සම්පත් උත්තේජනය කිරීම) සහ ක්ලව්ඩියා කඩේනා (ඩිජිටල් සේවා ස්ථානයක් තුල මානව සම්පත් පෙළගැස්වීම සහ ප්‍රබෝධමත් කරවීම) යන මහත්ම මහත්මීන් විසින් සිදුකරනු ලබයි. සෑම සැසිවාරයක් අවසානයේම සහභාගීකයන් සඳහා ප්‍රශ්න විචාර සැසියක් සුදානම් කර ඇත.

“ඩිජිටල්කරණය වන ලෝකය මානව සම්පත් හී අනාගතය” යන මාතෘකාව යටතේ සමුළුවේ පළමු සාකච්ඡා වටය ජයන්ත ජයරත්න මහතා ගේ මුලිකත්වයෙන් පවත්වනු ලබයි. මේ සඳහා මානව සම්පත් ක්ෂේත්‍රයේ විශේෂඥයන් වන ඉන්දියාවේ NIPM ආයතනයේ සභාපති - සොමේෂ් දාස්ගුප්ත මහතා, පකිස්ථානයේ PSHRM ආයතනයේ උප සභාපති - කන්වර් ඒ. සයීඩ් මහතා,  බංගලාදේශයේ BSHRM ආයතනයේ සභාපති - මුෂාරෆ් හොසේන් මහතා, මැලේසියාවේ MIHRM ආයතනයේ සභාපති - අරේසන්දිරන් ජගනාත් මහතා සහ ශ්‍රී ලංකාවේ IPM ආයතනයේ සභාපති - මහාචාර්ය අජන්තා ධර්මසිරි මහතා යන පිරිස සහභාගීවේ.

සන්ධ්‍ය තේ විරාමයෙන් පසු ආරම්භ වන ‘ඩිජිටල් ලෝකය තුල කාර්මික/සේවක සම්බන්ධතාවයෙහි සංක්‍රාන්තිය’ යන මාතෘකාව යටතේ වන සමුළුවේ දෙවන සාකච්ඡා වටය ට්‍රොපිකල් ෆයින්ඩින්ස් (පුද්ගලික) සමාගමේ විධායක සාමාන්‍යධිකාරී ධම්මික ප්‍රනාන්දු මහතාගේ මුලිකත්වයෙන් පවත්වනු ලබන අතර ලංකා සේව්‍ය සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් දිත්ත ද සිල්වා මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ නෛතික පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  ඒ. සර්වේස්වරන් මහතා සහ කම්කරු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් මිලන්ග වීරක්කොඩි මහතා යන මහත්වරු ද සාකච්ඡාවට සහභාගී වේ.

මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් IPM Sri Lanka ආයතනයේ සභාපති මහාචාර්ය අජන්තා ධර්මසිරි මහතා පවසා සිටියේ, ‘ඩිජිටල් ලෝකයේ මානව සම්පත් වල පරිවර්තනය’ යන තේමාව, ශ්‍රී ලංකිකයන්ගේ ජිවිත රටාවන්, විශ්වාසයන් හා  හැසිරීම් නිරතුරු වෙනස් කරවන නිර්භිත සහ නව්‍ය ‘ඩිජිටල්’ ලෝකයට මනාවට ගැලපෙන බවයි.

“මේ වසරේ තේමාව ‘ඩිජිටල් ලෝකයේ මානව සම්පත් වල පරිවර්තනය’, ඩිජිටල්කරණය මගින් වෙනතකට යොමු කළ මානව සම්පත් ක්ෂේත්‍රයේ දිශානතිය, ශ්‍රම බලකායේ සංස්කෘතිකමය විවිධත්වය, පාරිභෝගික ඉල්ලුම සහ කුසලතා සඳහා වන තරගය තුලින් තවදුරටත් සංකීර්ණත්වයට පත් වී ඇතැ යි,”  2018 ජාතික මානව සම්පත් සමුළුවේ සභාපති ප්‍රියංකර සෙනෙවිරත්න මහතා පැවසීය.

ජාතික මානව සම්පත් සමුළුවට සමගාමීව, ශ්‍රී ලාංකිකයන් අතර අතිශයින් ජනප්‍රිය වූ ජාතික මානව සම්පත් ප්‍රදර්ශනය, විශිෂ්ට මානව සම්පත් පරිචිතයන්,  විශිෂ්ට මානව සම්පත්  සම්මාන උළෙල සහ විශිෂ්ට මානව සම්පත් විවාදය යන වැඩසටහන් ද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය තුලදී 2018 ජූනි 6 සහ 7 දිනයන්හිදී පැවැත්වේ. තරුණ පරම්පරාවට මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම කියාදීමේ අරමුණින් ‘මොළකරුවන්ගේ සටන’ නමින් සංවිධානය කෙරුණු අන්තර් පාසල් විවාද තරඟාවලියේ අවසන් මහා තරඟය, 2018 අප්‍රේල් 3 වන දින කොළඹ ආනන්ද විදුහලේදී පැවැත්විණි.
සමුළුව සාර්ථක කරගැනීමට සහය වුනු සියළුම පාර්ශවකරුවන්ට සහ හවුල්කරුවන්ට  IPM ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී පී. ජී. තෙන්නකෝන් මහතා විසින් සිය හද පිරි ප්‍රණාමය පුදකරන ලදී.

“මම මෙය අවස්ථාවක් කරගන්නවා ඉතා ප්‍රසන්න, විශිෂ්ට තලයේ වෘත්තිමය සමුළුවක්  සංවිධානය කිරීම සඳහා දායකත්වය ලබාදීම ගැන IPM ආයතනයේ සභාපති සහ සභා සාමාජිකයින් ඇතුළු කාර්ය මණ්ඩලයට මගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිමට. ඒවගේම මාධ්‍ය ආයතන වලට ලබා දුන් සහයෝගය වෙනුවෙන් සුවිශේෂ ස්තුතියක් සියළුම කමිටු සාමාජිකයන් වෙනුවෙන් පුදකර සිටිනවා.”

වර්ෂ 1959 දී ආරම්භ කළ ශ්‍රී ලංකා පිරිස් කළමනාකරණ ආයතනය (IPM Sri Lanka) වර්ෂ 1976 දී පාර්ලිමේන්තු පනතක් මගින් සංස්ථාගත කර ඇති අතර IPM ආයතනය මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ආසියා ශාන්තිකර සම්මේලනයේ සහ පිරිස් කළමනාකරණ සංගමයේ ලෝක සම්මේලනයේ සාමාජිකත්වය දරයි. 

Latest Video

Powered by Blogger.