ෆොනී ජනපතිගෙන් සමාව ගනී.


තිරසර සංවර්ධන වන ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (9) දහවල් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සමාව ගෙන ඇතැයි වාර්තා වේ.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (9) පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමෙන් පසුව ඇමැතිවරයා තවත් ඇමැතිවරුන් කිහිප දෙනකු ද සමඟ ගොස් ජනපතිවරයාගෙන් සමාව ගෙන ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.

සරත් ෆොන්සේකා මහතා ඉකුත් 3 වැනි දා නව අමාත්‍ය ධූරයේ වැඩ බාර ගැනීමෙන් පසුව පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කර තිබු අතර,ඔහු පසුගිය ඉරිදා පැවති එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේ දී ද අදහස් දක්වමින් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර තිබිණි.


Latest Video

Powered by Blogger.