පන්සල්වල භික්ෂූන් හිඟය උග්‍රයි : පන්සල් වැසෙන ලකුණු!


ශ්‍රී ලංකාවේ බොහෝ විහාරස්ථාන රැසක් භික්ෂුන් වහන්සේලා නොමැතිව වැසීයාමේ තර්ජනයකට ලක්ව ඇති බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥාණරතන නාහිමියෝ පැවැසූහ.

උස්සාපිටිය ‍පොල් අඹේගොඩ ශ්‍රී සුදර්ශිණාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ වාහල්කඩ විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් මහානාහිමියෝ එසේ ප්‍රකාශ කළහ. මෙරට බොහෝ විහාරස්ථාන භික්ෂුන් වහන්සේලා නොමැතිව වැසීයාමේ තර්ජනයකට ලක්වන කාලවකවානුවක් බැවින් ඒවා දියුණු කරලීමට රජය මැදිහත් විය යුතු බවද මහානාහිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

මේ අතර මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියෝ කියා සිටියේ,ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව අද ආගමට දහමට ලැඳියාවක් ඇතිව කටයුතු කරනු ලබන බවත් විහාරාධිපති විශ්‍රාමලත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අනෝමදස්සි හිමි වැනි භික්ෂුන් වහන්සේලා සාමාජික, ආගමික අධ්‍යාපනික වශයෙන් විශාල සේවයක් කළ බවත් එවන් භික්ෂුන් වහන්සේලා රටටම මහත් සම්පතක් බවත්ය

විචිත්‍රවත් පෙරහරකින් නායක හිමිවරුන් ඇතුළු භික්ෂුන් වහන්සේලා විහාරස්ථානයට කැඳවාගෙන එමෙන් අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඥාණරතන නාහිමියන් වාහල්කඩ විවෘත කළේය.

එම අවස්ථාවට හිටපු අමාත්‍ය ලලිත් දිසානායක මහතා , ප්‍රදේශය භාර ‍පොලිස් නිලධාරි මහත්වරුන් ඇතුළු ගිහිපැවිදි විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

Info Sri Lanka TV

Powered by Blogger.