Sex Ed Ad

2020 ජනපති අපේක්ෂකයින් තිදෙනෙකු?


2020 ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන අපේක්ෂකයන් සම්බන්ධයෙන් මේ වන විට විවිධ ඉඟි පළව ඇත.

මහින්ද 

ශ්‍රීලනිප 16 කණ්ඩායමේ සාමාජික ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න හිටපු ඇමතිවරයා රත්නපුර - කුරුවිට නගරයේ පැවති පිලිගැනිමේ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ ඉදිරියේදී පැවැත්වෙන  ඕනෑම මැතිවරණයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ කටයුතු කරන බවයි.

ගෝඨාභය

මේ අතර ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගොඩකවෙලදී පැවති උත්සව සභාවකදී ඔහු පැවසුයේ, අනාගතයේ නායකත්වයට පත් කල යුතු එකම සුදුස්සා ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවයි. 

රනිල්

එමෙන්ම මහනුවර ඊයේ පැවැති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ විස්සයි විස්ස ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නම් කර ඇති බවයි.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදුසුම පුද්ගලයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව අමාත්‍ය මංගල සමරවීර මහතා ද පසුගිය දා මාතරදී අවධාරණය කර සිටියේය.

මේ අතර, මීළඟ ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා බෙලිඅත්ත ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

Latest Video

Powered by Blogger.