16 කල්ලියේ සහයට තවත් 10ක් එක්වන ලකුණු.



ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු දහසය දෙනාට ආරම්භ කර ඇති ආණ්ඩු විරෝධී වැඩපිළිවෙළට සහයෝගය දැක්වීම සඳහා දැනට දරන සියලු තනතුරු අතහැර තවත් දසදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔවුන් සමග එක්වීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණයකට පැමිණීමට නොහැකි වුවහොත් එම  පිරිස සියලු තනතුරු අතහැර විපක්ෂයට එක්වීමට නියමිත බවත් එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

මේ සම්බන්ධයෙන් යම් යම් ස්ථානවල සාකච්ඡා පැවැත්වෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

(කමණි හෙට්ටිආරච්චි)

Latest Video

Powered by Blogger.