Ad

මැයි 7 වෙළෙඳ නිවාඩුවක්‌ නෑ?


ලෝක කම්කරු දිනය සැමරෙන මැයි 7 වැනිදා වෙළෙඳ නිවාඩු දිනයක්‌ ලෙස අදාළ ගැසට්‌ නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවැසීය.

මැයි 1 වැනිදාට යෙදී තිබූ ලෝක කම්කරු දිනය ජාතික වෙසක්‌ සතිය හේතුවෙන් මැයි 7 වැනිදාට කල් දමමින් අප්‍රේල් මස 10 වැනිදා විෂය භාර ඇමැතිවරයා විසින් ප්‍රකාශයට පත්කර ඇති රජයේ ගැසට්‌ නිවේදනයට අනුව 7 වැනිදා රජයේ හා බැංකු නිවාඩු දිනයක්‌ පමණක්‌ ලෙස ප්‍රකාශයට පත්කර ඇතත් එදින පෞද්ගලික අංශයට නිවාඩු ලැබෙන වෙළෙඳ නිවාඩු දිනයක්‌ ලෙස ප්‍රකාශයට පත්කර නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ හේතුවෙන් පුද්ගලික අංශයේ ලක්‍ෂ සංඛ්‍යාත සේවක සේවිකාවන්ට කම්කරුවන්ට හිමි වෙළෙඳ නිවාඩුව රජයේ ගැසට්‌ නිවේදනයෙන් නිවාඩු දිනයක්‌ ලෙස ප්‍රකාශයට පත්කර නැතැයිද හෙතෙම කීවේය.

56 බණ්‌ඩාරනායක ආණ්‌ඩුව මැයි දිනය රාජ්‍ය, බැංකු හා වෙළෙඳ නිවාඩු දිනයක්‌ බවට ප්‍රකාශයට පත්කළ බව පැවසූ සිසිර ජයකොඩි මහතා වත්මන් ආණ්‌ඩුව නිවාඩු දිනයක්‌වත් හරියට ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වැඩ බැරි ආණ්‌ඩුවක්‌ බවත් නීත්‍යනුකූලව ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කළ හැකි ඇමැතිවරයෙකු පත්කරන ලෙස ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටින බවත් කීය.

පුංචි බොරැල්ල ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්‌ථානයේදී ඊයේ (1 දා) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

Powered by Blogger.