දහම්ගේ බව කී, සුපිරි රියේ නඩු තින්දුව නිකුත් කරයි.


බී.එම්. ඩබිලිව් වර්ගයට අයත් සුපිරි මෝටර් රථයක් තවත් මෝටර් රථ දෙකකද ගැටී දියවන්නා ඔයට පෙරලීමෙන් අනතුරුව එහි රියදුරු මෝටර් රථය අතහැර පලායාමේ සිද්ධියට අදාල නඩුව අද(15) කැඳවනු ලැබූ අවස්ථාවේ සැකකරුට රුපියල් හාරදහස් පන්සීයක (4500) දඩ මුදලක් ගෙවීමෙන් අනතුරුව නඩුව අවසන් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර ඇත.

දහම්ගේ නෙමෙයි මහින්දගේ ගෝලයෙක්ගේ 

මෙසේ නඩු තීන්දුව ලබා දුන්නේ කැබිනට් අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ඥාතියෙකුවන ෆාහිම් මොහොමඩ් හුසේන් නමැත්තෙකුටය. ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරවලටද සම්බන්ධ වූවෙකි. කෙසේ නමුත් සමාජ මාධ්‍ය විසින් මෙම රථය ජනාධිපති පුත් දහම් සිරිසේනගේ බවට හඟවන්නට දැඩි උත්සහයක් දැරුවද එය සාර්ථක වුයේ නැත.

පසුගිය මාර්තු මස 17 වැනිදා ඔහු විසින් පදවාගෙන පැමිනි බී.එම්. ඩබිලිව් වර්ගයට අයත් සුපිරි මෝටර් රථය තවත් මෝටර් රථ දෙකක ගැටීමෙන් අනතුරුව තලවතුගොඩ ප්‍රදේශයේදී දියවන්නා ඔයට පෙරලී තිබේ.අනතුරුව මෝටර් රථය අතහැර පලා ගොස් තිබුණි.

ඉකුත් මාර්තු මස 20 වැනි දින සැකකරු කඩුවෙල අධිකරණයට භාරවීමෙන් අනතුරුව මාර්තු 27 දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කෙරුණි.එදින පැවැත්වූ නඩු විභාගයේදී රුපියල් ලක්ෂ දෙක බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝගකර තිබිණි.

අද දින කැඳවූ නඩු විභාගයෙන් ලබාදුන් තීන්දුවත් සමඟ මෙම නඩුවිභාගය අවසන් විය.

Latest Video

Powered by Blogger.