Ad
Ad

ශ‍්‍රී ලංකාවේ තරුණයන් හා ව්‍යවසායකයන් බලගැන්වීමට ෆේස්බුක් එක්වෙයි.

2018 අවසන් වන විට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 10,000ක් බල ගැන්වීම සඳහා ශ‍්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) සමඟ හවුල් වෙයි.

ෆේස්බුක් සමාගම ගෝලීය මට්ටමින් ක‍්‍රියාත්මක කරන ‘ඔබගේ ව්‍යාපාරය වැඩි දියුණු කර ගන්න’ වැඩසටහනට දැන් ශ‍්‍රී ලංකාවේ තරුණයන්ට හා ව්‍යවසායකයන්ට ද සම්බන්ධ විය හැකි ය. රට තුළ ක‍්‍රියාකාරී සුළු ව්‍යාපාර හිමියන්ගේ හැකියාව හඳුනා ගත් ෆේස්බුක් සමාගම 2018 අවසන් වන විට රට පුරා සුළු පරිමාණ ව්‍යාපාර හිමිකරුවන් 10,000ක් පුහුණු කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) සමග හවුල් වී ඇත. පළමු අදියරේ දී මෙම වැඩසටහන කොළඹ, ගාල්ල, මහනුවර හා යාපනය ආවරණය කෙරෙනු ඇත.

‘ඔබගේ ව්‍යාපාරය වැඩි දියුණු කර ගන්න’ සමාරම්භක වැඩමුළුව මැයි 16 වන දා කොළඹ දී පැවැත්වීමට නියමිත අතර එහි දී ඔන්ලයින් ක්ෂේත‍්‍රය හරහා තම ව්‍යාපාරය වර්ධනය කර ගැනීම හා මුදල් උපයන ව්‍යාපාරයක් බවට පත් කර ගැනීම සඳහා ෆේස්බුක් අඩවිය ඵලදායක ලෙස යොදා ගැනීමට ව්‍යවසායකයන් නැඹුරු කිරීමත් ඔවුන්ට ඉගැන්වීමත් ඔවුන් පුහුණු කිරීමත් සිදු වනු ඇත. මෙම වැඩමුළුව නොමිලේ ඩිජිටල් පැවැත්මක් ගොඩ නගා ගත හැකි ආකාරය, වෙළඳ පොළ ප‍්‍රවේශය සලසා ගැනීම සඳහා ජංගම ආර්ථිකය යොදා ගත හැකි ආකාරය සහ තම ව්‍යාපාර වර්ධනය කර ගත හැකි ආකාරය සහභාගිකයන්ට විශේෂයෙන් ම උගන්වනු ඇත.

මෙම හවුල්කාරිත්වය ගැන අදහස් දක්වමින් ICTA සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා මෙසේ පැවසී ය: ”අපේ පරමාර්ථය ශක්තිමත් සජීවී ආර්ථිකයක් තියෙන ඩිජිටල් ක‍්‍රමයෙන් වැඩ කටයුතු කරන රටක් නිර්මාණය කිරීම. ෆේස්බුක් සමාගමේ සහාය ඇතිව අපේ රටේ ආර්ථික දියුණුව සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණ හැකියාවන් යොදාගැනීමට අපි පියවර ගන්නවා.”

වැඩසටහන විස්තර කරමින් ෆේස්බුක් සමාගමේ ඉන්දියා, දකුණු හා මධ්‍යම ආසියා මහජන ප‍්‍රතිපත්ති අධ්‍යක්ෂ අන්කි දාස් මහත්මිය මෙසේ පැවසුවා ය: ”ශ‍්‍රී ලංකාව වැනි වර්ධනය වෙමින් පවතින ආර්ථිකයක දී රැකියා හා ආර්ථික වර්ධනය වැඩි කරන්න සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අත්‍යවශ්‍ය වෙනවා. අපි මේ වැඩසටහන හරහා ඩිජිටල් පැවැත්මක් ගොඩ නගා ගැනීම හා සාම්ප‍්‍රදායික ඕෆ්ලයින් ආර්ථිකයන් ලබා දෙන දෙයින් ඔබ්බට තමන්ගේ ව්‍යාපාර වර්ධනය කර ගැනීම සඳහා පුහුණුව හා සම්පත් සම්පාදනය කරමින් දේශීය ව්‍යාපාර බල ගන්වනවා. අපට ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ ‘ජාල දායකයා’ විය හැකි ය කියා අපි විශ්වාස කරනවා.”

‘ඔබගේ ව්‍යාපාරය වැඩි දියුණු කර ගන්න’ වැඩසටහන ICTA මුල පිරීමක් වන SMART Social Circles පෝෂණය කරනු ඇත. ඉන් අපේක්ෂා කෙරෙන්නේ ඩිජිටල් සාක්ෂරතාව හා සමාජ මාධ්‍යය ආචාරධර්ම වගකීම් සහගතව භාවිත කිරීම ප‍්‍රවර්ධනය කිරීම යි. ෆේස්බුක් සමාගම SMART Social Circles මුල පිරීම යටතේ පුරවැසියන් උදෙසා සහයෝගී තොරතුරු බෙදාහදා ගැනීමේ වේදිකාවක් ඇති කිරීමට ක‍්‍රමෝපායාත්මක මාර්ග සිතියමක් සකස් කිරීම සඳහා ද ෂක්‍ඔ් සමග එක්ව වැඩ කටයුතු කරනු ඇත. ප‍්‍රජා යාවත්කාලීනයන් බෙදාහදා ගැනීම සඳහා ෆේස්බුක් මෙවලම් යොදා ගැනීම සම්බන්ධයෙන් ද දිස්ත‍්‍රික් මට්ටමේ SMART Social Circles සම්බන්ධීකාරවරුන් පුහුණු කෙරෙනු ඇත.

ව්‍යාපාර සොයා ගැනීම හා ඒවා සමග සම්බන්ධ වීම සඳහා ජනයා වැඩි වැඩියෙන් වෙබ් ජාලය හා තම දුරකථන දෙසට හැරෙන නිසා සුළු ව්‍යාපාරවලට ඔන්ලයින් පැවැත්මක් තිබීම තීරණාත්මක වේ. සුළු ව්‍යාපාර සාර්ථක හෝ අසාර්ථක වන එක් හේතුවක් වන්නේ පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ඔවුන්ට තිබෙන හැකියාව යි. එහෙත් කාලය හා සම්පත් සීමිත නිසා සුළු ව්‍යාපාරවලට මෙය මිල අධික හා දුෂ්කර කටයුත්තක් වේ.

මුදල් අය නොකරන නිසා, පහසුවෙන් භාවිත කළ හැකි නිසා සහ ජංගම දුරකථනය හරහා මැනවින් සම්බන්ධ විය හැකි නිසා ලොව පුරා ව්‍යාපාර මිලියන 60කට වැඩි සංඛ්‍යාවක් ෆේස්බුක් පිටු යොදා ගනියි. සුළු ව්‍යාපාර තම ව්‍යාපාර සඳහා ෆේස්බුක් අඩවිය යොදා ගන්නේ ඔවුන් එය භාවිත කරන ආකාරය පෞද්ගලිකව දන්නා හෙයිනි: පිටුවක් නිර්මාණය කිරීම ප්‍රොෆයිලයක් නිර්මාණය කරන තරම් ම පහසු ය. ඔවුන්ගේ පාරිභෝගිකයෝ දැනටමත් ෆේස්බුක් අඩවියේ සාමාජිකයෝ ය.

‘ඔබගේ ව්‍යාපාරය වැඩි දියුණු කර ගන්න’ පුහුණුව රජය හා සම්බන්ධිත ප‍්‍රදේශ අතර අතර සහයෝගිතාව හා තොරතුරු බෙදාහදා ගැනීමට මුලික වනු ඇත. එසේම මෙම මුලපිරීම දැනට ගාල්ල, නුවර සහ යාපනය අන්තර් ක‍්‍රියා හා තොරතුරු බෙදාහදා ගැනීම වැඩි දියුණු වීමට තුඩු දෙනු ඇත.

ඡායාරූපය - ශී‍්‍ර ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා සහ ඉන්දියානු, දකුණු හා මධයම ආසියානු රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යක්ෂක අන්කි දාස් මහත්මිය, ෆේස්බුක් ‘ඔබේ ව්‍යාපාරයේ අභිවෘද්ධිය ඉහළ නංවා ගන්න’ යන අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගනිමින්.

Powered by Blogger.