මේ කවුද? මොනවද කරන්නේ?


ටෙලි නාට්‍යවලින් හැමදාම දකින්නේ එකම චරිත. නළුවොත් එහෙමයි. නිළියොත් එහෙමයි. දැකලා දැකලා එපා වෙලා. හරියට කුකුළාගේ කරමලය වගේ. ඒ නිසානේ අපේ සමහර අධ්‍යක්‍ෂවරු පිටරවලින් නිළියන් ආනයනය කළේ. එහෙම වුණාම නිර්මාණයටත් ආලෝකයක්‌.

 ඔන්න මේ දිනවල තවත් අලුත් නිළියක්‌ අපේ සිනමාවට ඇවිත් ඇය පිටරටින් ආනයනය කළ නිළියක්‌ නම් නොවේ. අපේම රටේ කෙනෙක්‌. බැලූ බැල්මට අලුත්. මින්පෙර මේ නිළිය අපේ රටේ නිර්මාණවලින් දැක නැති නිසා ඇය රඟන මේ දිනවල රූගත කෙරෙන චිත්‍රපටය සාර්ථක වේවි.

 සුසිරන්ද සිල්වා තමන්ගේ පළමු චිත්‍රපටය සඳහා මේ නිළිය තෝරා ගැනීම එක්‌තරා අපූර්ව සිද්ධියක්‌. ඇත්තටම කවුද මේ. නිළිය... හඳුනාගන්න පුළුවන්ද? "මිස්‌ ජෙනී" චරිතයේ නම ඇය ලෙස රඟන ඔහු වෙන කිසිවෙක්‌ නොවේ අපේ ප්‍රවීණ නළු ජයලත් මනෝරත්න. මනෝ මෙවන් චරිතයක්‌ රඟන පළමු අවස්‌ථාව.

 ජයසේකර අපොන්සු "තටු" නාට්‍යයේ මෙන්ම රන්ජන් රාමනායක "මායා" චිත්‍රපටයෙන්ද මෙවන් ආකාරයේ කාන්තා චරිත රඟපෑහ. මනෝ රඟන "මිස්‌ ජෙනී" කෙසේ වේවිද....? ඒ සඳහා තව ටික කාලයක්‌ බලා සිටිය යුතුය. 

Latest Video

Powered by Blogger.