ෆැඩ්නා ෂේප් අප් ටී ඩබල් ඇක්ටිව් ප්ලස් : රූපලාවණ්‍ය ප්‍රවීණයන්ට.


වඩාත් වැඩි රසයකින් සහ වැඩි දියුණු කළ ක්‍රියාකාරීත්වයකින් යුතුව වෙළදපොළට නිකුත් කළ ෆැඩ්නා ෂේප් අප් ටී ඩබල් ඇක්ටිව් ප්ලස් රූපලාවණ්‍ය ක්ෂේත්‍රෙය් ප්‍රවීණයන් හට පසුගියදා එළිදක්වනු ලැබුවා.බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති මෙම සුවිශේෂි හමුවට ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් සහභාගි වීය. ෆැඩ්නා ෂේප් අප් ටී ඩබල් ඇක්ටිව් ප්ලස් යහගුණ පිළිබද  මෙහිදී දැනුවත් කරනු ලැබූ අතර සොදුරු රුවක් පිළිබද වෘත්තීයමය උපදෙස් සපයන ඔවුන්ට එය සුවිශේෂි අත්දැකීමක් වීය.

මෙහිදී අදහස් දැක්වූ බොහෝ ප්‍රවීණයන් සදහන් කළේ සොදුරු රුවක් පිළිබද උනන්දුව දක්වන සිය වටිනා ගනුදෙනුකරුවන් බොහොමයක් දෙනා ෆැඩ්නා ෂේප් අප් ටී ඩබල් ඇක්ටිව් පානය කර ප්‍රතිපල ලබාගනිමින් සිටින බවයි. එදිනෙදා පානය තුළින් මහගු ගුණ ලැබෙන ෆැඩ්නා ෂේප් අප් ටී ඩබල් ඇක්ටිව් තුළින් සිය පාරිභෝගිකයන් විශ්වාසනීය ප්‍රතිපල ලබාගන්නා බව සදහන් කළ බොහෝ දෙනා සිය රූපලාවණ්‍ය උපදෙස් මාලාව තුළ  ද ෆැඩ්නා ෂේප් අප් ටී ඩබල් ඇක්ටිව් ප්ලස් ඇතුළත් බව සදහන් කළා.

පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මත නිරන්තරව සිදුකරන නව්‍ය වෙනස්කම් නිසා ඉහල පාරිභෝගික ඉල්ලුමක් ඇති රුව වඩන තේ පානයක් වන ෆැඩ්නා ෂේප් අප් ටී ඩබල් ඇක්ටිව් ප්ලස්  ස්වාධීන සමීක්ෂණ වාර්ථා සහ වෙළදපොල අළෙවි වාර්ථා වලට අනුව  අඛන්ඩව දස වසරක් තිස්සේ වෙළදපොළ තුළ ප්‍රමුඛතම නිෂ්පාදනයයි.

ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් ලෙස මෙරට මෙන්ම විදේශීය වෙළදපොල තුළද පාරිභෝගිකයන් අතර පිළිගත් නාමයක් වන ෆැඩ්නා ෂේප් අප් ටී ඩබල් ඇක්ටිව් ඉහල මට්ටමේ ඇගයීම් ගණනාවකට සහ සහ සම්මානයට ද පාත්‍රව ඇත.

දේශීය යහගුණ නවීණ තාක්ෂණය මුසුව වැඩි දියනු කර ෆැඩ්නා ඩයබ් ටී ක්ලැසික්, ෆැඩ්නා ටමී ටී,ෆැඩ්නා ජින්කෝ ඇතුළු මහගු ගුණ දෙන තේ පානයන් රැසක් වෙළද පොලට නිකුත් කරන ෆුඩ් ඇන්ඩ් නේචර් පුද්ගලික සමාගම ෆැඩ්නා ෂේප් අප් ටී ඩබල් ඇක්ටිව් ප්ලස් නිපදවා බෙදාහරිනු ලබයි.




www.fadna.com වෙබ් අඩවිය ඔස්සේ ෆැඩ්නා නිෂ්පාන මිළදී  නිවසටම නොමිළයේම ගෙන්වාගත හැකි අතර ෆැඩ්නා පිළිබද වැඩි විස්තර දැනගැනීමට 0702000400 / 0115666616 අංකයෙන් ‍ෆැඩ්නා පාරිභෝගික සහාය සේවාව අමතන්න.

Info Sri Lanka TV

Powered by Blogger.