ITN ප්‍රවෘත්ති අංශයට සුභාෂ් : රූපවාහිනියට රංග.


මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගිය වසරේ මැයි මාසයේ දී දිවුරුම් දුන් මංගල සමරවීර මහතා ඊයේ (18දා) පෙරවරුවේ කිසිදු දැනුම්දීමකින් තොරව ස්වාධීන රූපවාහිනියට සහ ජාතික රූපවාහිනියට ගොස් එහි ප්‍රවෘත්ති මුල් පුටු සම්පූර්ණයෙන් වෙනස්කර තිබේ.

ඒ අනුව මාධ්‍යවේදී සුභාෂ් ජයවර්ධන මහතා ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම්) ලෙස පත් කර තිබේ.

ඊට අමතරව ස්වාධීන රූපවාහිනියේ කාලීන වැඩසටහන් කළමනාකරු ලෙස අශෝක වීරසිංහ මහතාත් ප්‍රවෘත්ති කළමනාකරු ලෙස ධම්මික යටිකිද මහතාත් පත්කර ඇතැයි ස්වාධීන රූපවාහිනී අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නලින්දා පෙරේරා මහත්මිය ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති පරිපාලක ලෙස පත්කර තිබේ.

ඊට අමතරව රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස ටී.එම්.ජී චන්ද්‍රසේකර මහතා පත් කර තිබේ.

ජාතික රූපවාහිනියේ කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානියා ලෙස ධර්මසිරි බණ්ඩාරනායක මහතා ගේ පුතු රංග බණ්ඩාරනායක මහතා පත්කර ඇති අතර උදෑසන පුවත් ප්‍රධානියා ලෙස රවී අබේරත්න මහතා පත්කර තිබේ.

Info Sri Lanka TV

Powered by Blogger.