'රණවිරුවන් හෑල්ලූවට ලක් කිරීම තරයේ හෙළා දකිනවා' - ඇමති චම්පික රණවක


රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් සිදුකළ වීරෝධාර සේවය හෑල්ලූවට ලක් කිරීම සහ අවමන් කිරීම තරයේ හෙළා දකින බව ඇමති චම්පික රණවක පවසයි. 

අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ මිහිඳු සෙත් මැදුරේ පැවති රණවිරු සත්කාරක වැඩසටහනේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. මෙම අවස්ථාවට රමාඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණලංකාවේ ප‍්‍රධාන සංඝනායක  ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ඇතුලූ රණවිරුවන් විශාල පිරිසක් සහභාගී විය. මෙම රණවිරු සත්කාරක වැඩසටහනට සමගාමීව රණවිරු අභිමන් ඔසු උයනේ වැඩකටයුතු ආරම්භය ද සිදුවිය. සංඝගත දක්‍ෂිණාවක් විශේෂ සංගීත වැඩසටහනක්, මිහිඳු සෙත් මැදුරේ පුස්තකාලය උදෙසා ග‍්‍රන්ථ පරිත‍්‍ර්‍යාගයක්, ආබාධිතව නේවාසිකව සිටින රණවිරුවන් සඳහා දිවා ආහාර පිරිනැමීම ද මෙහිදී සිදුවිය. 



එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, 

"නිදහසේ විජයග‍්‍රහණයට වසර 9ක් සැපිරෙන අද විශිෂ්ඨ දවසක්. 2009 මැයි 18 වගේම අදත් මහා වැසි ඇද හැලෙන දවසක්. එදා අඳුර මැදින් මේ රටට නව ඉරක් උදා වුණේ වීරෝධාර රණවිරුවන් සිදුකළ අසීමිත කැපකිරීම් හමුවේ. රණ බිමේ යුද නොවැදුනත් දශක ගණනාවක්ම අපි ඒ ක‍්‍රියාවලියේදී රණවිරුවන් සමග, ජනතාව සමග එකට ජීවත් විය. අද බොහේ දෙනෙක් මේ දිනය ගැන විවිධ විවරණ ලබාදුන්නත් මේ දිනය කිහිප අතකින්ම ශ‍්‍රීලංකාවට ඓතිහාසිකයි. අපේ ජනතාවට බිය සැක නැතුව මහපාරේ යන්න, දරුවන් පාසැල් යවන්න, ගොවි බිමේ වැඩ බිමේ සේවය කරන්න, කාර්යාලවල, ව්‍යාපාර කටයුතුවල නිදහසේ නිරත වෙන්න, පරිසරය නිර්මාණය වුණේ මීට දශක නවයකට පෙරයි. රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් සිදුකළ වීරෝධාර සේවය යමෙක් හෑල්ලූවට ලක්කරනවා නම්, ඊට අවමන් කරනවා නම් ඊට විරුද්ධවීමේ අයිතිය ඊට එරෙහි වීමේ අයිතිය අප සතුයි. 



උතුරේ, විශේෂයෙන්ම පුදුමාතලන්, වෙල්ලමුල්ලවෛක්කාල් ප‍්‍රදේශයේ බලහත්කාරයෙන් රඳවා ගෙන හිටපු ලක්‍ෂ තුනකට ආසන්න අසරණ දෙමළ ජනතාවට නිදහස ලැබුණේ අද වැනි දවසකයි. ඒ ජනතාව ඈත මන්නාරම් කොනේ සිට සැතපුම් සිය ගණනක් මේ ත‍්‍රස්තවාදීනගේ තුවක්කු බලෙන් ගාල් කලා ඉතාමත් පටු මුුහුදු තීරයකට බලහත්කාරයෙන් ජනතාව ඒ ආකාරයට රඳවා තබාගැනීම ජාත්‍යන්තර සම්මූතීන්ට අනුව යුධ අපරාධයක්. එදා අහිංසක මිනිස්සුන්  විශාල ප‍්‍රමාණයක් රඳවා තබා ගෙන මිනිස්  පලිහක් ලෙස යොදා ගනිමින් අපේ ආරක්‍ෂක හමුදාව මගින් අනතුරක් කරවීමට ත‍්‍රස්තවාදීන් සැළසුම් කෙරුවා. නමුත් අපේ ආරක්‍ෂ අංශ ඉතා විිමසිලිවන්තව ඉතාමත්ම වගකීමෙන් යුතුව කටයුතු කළා. ඒ වගේම, ඒ අසරණ දෙමළ ජනතාව මුදා ගත්තා. මෙය මානුෂීය මෙහෙයුමක්. 

ඒ අතින් අපේ හමුදාව අතින් විශාල පිරිසකට අභයදානය ලැබුණු දිනයක් ලෙස, විශේෂයෙන් දෙමළ ජනතාව සිහි තබා ගත යුතුයි. ඒ වගේම උතුරේ සිංහල ජනතාව මුස්ලිම් ජනතාවට ජීවත්වීමේ අයිතිය නැතැයි කියා ජනවාර්ගික අතුගා දැමීමකට ප‍්‍රභාකරන් ලක්කළා. හුග දෙනෙකුට අමතකයි ඉන්දියන් හමුදාව යාපනයේ සිටින විට යාපනයේ සිංහල වැසියා ඝාතනය කළ වග. අද ඒ යාපනය නගරය  අපි සංවර්ධනය කරනවා. එදා ඒ යාපනයේ එදා ඉතුරුවෙලා තිබුණු ලයිට් කණුවල තමයි අන්තිම සිංහලයෝ ගැටගහලා තිබුණේ. ඒත් කිසිදු සිංහලයෙක් අහලා නැහැ ඇයි සිංහල ජනතාව පන්නපු උතුරට ඇයි අපි සල්ලි දෙන්නේ කියලා. අපි හැමෝම ඒ උතුර ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කලා. එදා දහස් ගණන් මැනික්ෆාම් වැනි අනාථ කඳවුරුවල දෙමළ ජනතාව පැමිණි අවස්ථාවේ අපේ ස්වාමීන්වහන්සේලා ඇතුලූ සිංහල ජනතාව එම ජනතාවට සහන සපයන්න කටයුතු කළා. දෙමළ ජනතාව වෙනුවෙන් කතාකරන කිසිවෙක් බත් කටක් ලබාදීමට කටයුතු කළේ නෑ. ඒ වගේම පැය 72ක් ඇතුලත මුස්ලිම් ජනතාව යාපනෙන් මන්නාරමෙන් පලවා හැරියා. අදටත් ඒ ජනතාව තැන් තැන්වල අනාථයින් හැටියට ජීවත්වෙනවා. 

සාමය උදා වුනාට පසුව නැවතත් මේ ජනයා තමාගේ ප‍්‍රදේශවලට පදිංචියට ගියා. නමුත් සුහද වාතාවරණයක් ඇතිවුණේ නැහැ. පදිංචියට ගිය අයගෙන් සියයට අනූවක් පමණ ආපසු හැරී ආවා. මොකද ඒ අයට හැම අතින්ම හිරිහැර කරදර සිද්ධ වෙන්න පටන්ගත්ත නිසා. ඉතිං මේ නිසා අද ඒ ප‍්‍රදේශවල පමණක් නෙවෙයි රට පුරා මේ නිදහස ලබාගත් දිනයේ අපි දැන්වත් අධිෂ්ඨාන කරගත යුතුයි මේ රටේ සෑම ප‍්‍රදේශයකටම සෑම ජනතාවකටම අවශ්‍යනම් ජීවත්වීමේ අයිතිය, රැුකියා කිරීමේ අයිතිය ආගමික නිදහස සහතික කිරීමෙන් තොරව රටකට ඉදිරියට යන්න බැරි බව ඒ වගේම අද දිනය සමාජ ආර්ථික පැත්තෙනුත් ඉතාමත් වැදගත් දවසක් මේරටේ වෙන්වෙලා තිබුණු උතුරේ ආර්ථිකය දකුණට එකතු වුණේ මෙම 2009 මැයි 18 නිසයි. 2010-11 වර්ෂවලදී රටේ ආර්ථිකයට 7%ක 8%ක ආර්ථික වර්ධනයක් ලැබුණේ කිසිවෙකුගේ දක්ක්‍ෂකම නිසා නොව උතුරේ ආර්ථිකය දකුණට විවෘත වූ නිසයි. ප‍්‍රථම වතාවට රට සහලින් ස්වයංපෝෂිත වුණේ උතුරින් නැගෙනහිරින් වී අස්වැන්න නිදහසේ පැමිණි නිසයි. උතුරේ බඩු මිල ඇතුලූ ජනතාවගේ මූලික පහසුකම් අඩුවක් නොමැතිව ජනතාවට ලැබුණේ මේ නිදහස සමගයි. ඒ වගේම දේශපාලන නිදසත් ලැබුණා. කොළඹ ඉඳන් උතුරට ගිය මහ ඇමතිතුමාටත් අනෙකුත් දේශපාලඥයින්ටත් දේශපානය කරන්න මැතිවරණ තියන්න ඉඩ ලැබුණේ මේ නිදහසත් සමග. ඒ නිසා ඒ නිදහසට අපි අවමාන කිරීම පැත්තක දමලා අපි කෘතවේදී විය යුතුයි. 

මේ රටේ විශාල කතිකාවතක් ඇතිවී තිබෙනවා දෙමළ දේශපාලන සිරකරුවන් ගැන. නමුත් මේ රටේ එකදු දේශපාලනන සිරකරුවෙක්වත් නැහැ. නමුත්, නීතිමය ක‍්‍රියාමාර්ග ගන්න සැකකරුවන් 65 දෙනෙක් පිළිබඳ අධිකරණ්‍ය විසින් අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා. ආරක්‍ෂක හමුදාවලත් කිහිප දෙනෙක් අත්අඩංගුවේ පසුවෙනවා කිසි කෙනෙකුට නීතියෙන් බැහැරව කටයුතු කරන්න අප සුදානම් නැහැ. නමුත් 2010 දී එල්.ටී.ටී.ඊ සැකකරුවන් 12,260ක් කිසිදු වගකීමකින් තොරව නිදහස් කිරීමට කටයුතු කළා. එහි පාපය අපිට දැන් ගෙවන්න සිද්ධවෙලා තියෙනවා. ආරක්‍ෂක අංශවල සාමාජිකයන් වරදක් කළා නම් සිදුකරනු ලැබුවේ ඒ අයගේ පෞද්ගලික වුවමනාවන් මත නොවෙයි. ඒ අයගේ ඉහළ නිලධාරීන්ගේ නියෝගයන් මතයි. නමුත් එම අණදෙන නිලධාරීන් නිදහසේ සිටින විට අණ ක‍්‍රියාත්මක කළ අපේ හමුදාවේ නිලධාරීන් සිරගතව සිටිනවා. 

26,000ක් අපේ දරුවන් මිය ගියා, 17,000කට ආසන්න පිරිසක් ආබාධිත වුණා, ඒ අය ජීවිත කාලය පුරා රැුකබලා ගැනීමේ වගකීම රජයට තියෙනවා. ඒ වගේම එල්ටීටීඊ සංවිධානයේ 23000ක් එම සංවිධානය විසින් 9000ක් පමණ සිවිල් වැසියන් ඝාතනය කරනු ලැබුවා. 

විශේෂයෙන් උතුරේ නැවතවතාවක් ප‍්‍රභාකරන් වීරාභිවාදනයට ලක්කර නැවත වතාවක් රට අඳුරට දක්කන්න සුලූ පිරිසක් අත්තනෝමතිකව ක‍්‍රියාකරගෙන යනවා. එදා ත‍්‍රස්තවාදය භීෂණය පතුරන අවස්තෘවේදී නිහ`ඩව සිටි ත‍්‍රස්තවාදීන්ට සල්ලි මලූ ගණන් ඇදපු අය ව්‍යාජ දේශපේ‍්‍රමීන් වෙලා සිටිනවා. අද මේ වගේ විකෘතියකුත් දේශපාලන දේහයේ තිබෙනවා. 

අද සංවාදයක් මතුවෙලා තියෙනවා කවුද වැරදිකරුවන් කවුද නිවැරදි කරුවන් කියලා. වැලිකඩ සිරකරුවන්, ජවිපෙ, එල්ටීටීඊයේ, ආරක්‍ෂක හමුදාවලයි මොකක්ද වෙනස කියලා ජනතාව අහන තත්ත්වෙට පත්වෙලා. අපි හැමෝම දන්නවා ආරක්‍ෂක හමුදාව තියෙන්නේ රට රකින්න. ප‍්‍රජාතාන්ත‍්‍රික ආණ්ඩුවක් ආණ්ඩුව පදනම් වුණු ව්‍යවස්ථාවක් අනුව රටේ එකීයභාවයත් රටේ සාමයත් ආරක්‍ෂා කරනවා. ආරක්‍ෂාව තමයි ප‍්‍රමුඛම කාරණය. ආරක්‍ෂාව නැතිව අනෙක් කිසිවක් ගොඩනැගෙන්නේ නැහැ. ආරක්‍ෂක හමුදාවන්ගේ ක‍්‍රියාවන්ට අපි කවුරුත් අනුමැතිය ලබා දී තිබෙනවා. ඇමරිකාව වගේ රටවල පුද්ගලික ආරක්‍ෂාව සඳහා සෑම පුද්ගලයෙකුටම හැම පුද්ගලයෙකුටම ආයුධයක් භාවිතා කළ හැක. නමුත් අප වගේ රටක අපේ ආරක්‍ෂාව හමුදාවට, පොලීසියට භාර දී තියෙනවා. ඒ තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලිය තමන්ට ලැබුණු අණ අනුව රටේ ඒකීය භාවය හා සමාජ සාධාරණත්වය සුරැුකීමට කටයුතු කිරීම සෑම අතිින්ම නීත්‍යානුකූලයි, හැම අතින්ම යුක්ති සහගතයි. ආරක්‍ෂක හමුදා වැලිකඩ හිරගෙදර ඉන්න අපරාධකරුවන් සමග සංසන්දනය කරන්න බෑ. මෙරට දේශපාලනය තුළ ඉතාමත් බලගතු පෙරළි ඇතිවී තිබෙනවා. ඒ වගේම දෙශපාලන ඝාතන සිදුවූ රටක්. එදා ජවිපෙ දේශපාලන ඝාතන විශාල ප‍්‍රමාණයක් සිදුකරනු ලැබුවා. නමුත් එදා ඔවුන් ආගමික සිද්ධස්ථාන, සමූහ ඝාතන සිදුකළේ නෑ. නමුත් එල්ටීටීඊ සංවිධානය ඉතාමත් ම්ලේච්ඡු ලෙස ජනසංහාර සිදු කරමින් ආගමික ස්ථාන විනාශ කරමින් ජනතාව තම උරුම භූමි ප‍්‍රදේශවලින් පන්නාදමමින් කටයුතු කරනු ලැබුවා. එවැනි ක‍්‍රියා ද වීරක‍්‍රියා හැටියට දකින පිරිසක් මේ සමාජයේ සිටිනවා. 

අපේ ජනතාව මේ පිළිබඳ කලබල විය යුතු නෑ. බුද්ධිමත්ව අධිෂ්ඨානශීලීව කටයුතු කළ යුතු කාල පරිච්ෙඡ්දයක්. අපේ ආරක්‍ෂක හමුදාව රැුකගත් නිදහස ආරක්‍ෂා කර ගනිමින් නැවත රට අඳුරට ගෙන යෑම සඳහා කටයුතු කරන පිරිස් පරාජය කිරීමට ඒකරාශී විය යුතුයි. එසේම අප වසර නවයක් පුරා මේ රණවිරු සැමරුම සිදුකරනු ලබනවා. එදා සිට ආරක්‍ෂක හමුදාවේ ලේ කඳුලූ, දහඩිය සමග අප කටයුතු කළා. සැබෑ දේශපේ‍්‍රමීන් හා දේශපේ‍්‍රමීත්වය නමින් පෙනී සිටින බොල් පිළිම හඳුනාගනිමින් මේ රටේ දිනූ නිදහස රැුක ගැනීමට සිංහල, මුස්ලිම්, දෙමළ සෑම සියලූ ජනතාවම ඒකරාශී විය යුතුයි."

Latest Video

Powered by Blogger.