Sex Ed Ad

‘මහින්ද, ගෝඨා’ ජනාධිපති මෛත්‍රීගෙන් ඉල්ලු දේ.


ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනාගේ කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසීම සදහා වේලාවක් වෙන් කරවාගෙන ඇත. ඒ අනුව හෙට දිනයේදී එම කණ්ඩායම හිටපු ජනාධිපතිවරයා මුණ ගැසීමට නියමිත බව ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් සදහන් කලහ.

විශේෂයෙන්ම ඉදිරියේදී විපක්‍ෂව දේශපාලනය සිදු කරනවාද,නැතිනම් ශ්‍රීලංකා තනි ආණ්ඩුවක් සෑදීම සඳහා කටයුතු කර ඒ අනුව ඉදිරියේදී රජය පවත්වාගෙන යෑම පිළිබඳව මෙසේ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවයි ප්‍රකාශකයෙක් සඳහන් කලේ.

‘මහින්ද,ගෝඨා’ ජනාධිපති මෛත්‍රීගෙන් කල ඉල්ලීම

හිටපු ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ බාල පුතු නිබසඳ යාපා අබේවර්ධනගේ විවාහ මංගල උත්සවය පසුගියදා ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුණි. එම අවස්ථාවට දේශපාලන ක්ෂෙත්‍රයේ විශාල පිරිසක් එක් විය. මංගල්‍යයේ සාක්ෂි කරුවන් ලෙස අත්සන් යෙදුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ජනපති මෛත්‍රීපාල සිරිසේනයි. නිබසඳ පුද්ගලික ව්‍යාපාරයක කළමනාකරු ලෙස කටයුතු කරන අතර ඔහු අතගත් ලිෂෙන්ද්‍රි ජයසේකර ඉංජිනේරුවරියකි.

මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කෙටි වේලාවක් පිළිසඳරක යෙදී සිට තිබෙන අතර එහිදී ඔවුන් දෙදෙනාම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රීලංකා තනි ආණ්ඩුවක් සෑදීමට කටයුතු සිදු කරන ලෙසත් ඊට අවශ්‍ය ඕනෑම සහයක් ලබා දීමට සුදානම් බවත්ය.

එමෙන්ම ජනාධිපතිවරයාගේ සහෝදරයෙකුගේ නිවසේ පැවති හමුවීමකදී ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රීලංකා තනි ආණ්ඩුවක් සෑදීම සඳහා කටයුතු සිදු කරන්නේ නම් තමන් සහ හිටපු ජනාධිපතිවරයා ඊට ඕනෑම සහයක් ලබා දීමට සූදානම් බවත්ය.

Latest Video

Powered by Blogger.