Ad

සංචාරක අමාත්‍යංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්.

සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වි තිබේ.

 දෙමළ ඊළාම් සයිබර් බලකාය නමින් හැදින්වෙන කණ්ඩායමක් විසින් අදාළ ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.

 සයිබර් ප්‍රහාරය එල්ල වී ඉතා කෙටි කාලයක් තුළ යළි වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරිමට පියවර ගත් බව සංචාරක හා ක්‍රිස්තියානු කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

 මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ද නියමිතව තිබේ.

මේ අතර පසුගිය දින කිහිපය තුළ ඇතැම් වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාර එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සදහන් කළේය.

එහි මාධ්‍ය ප්‍රකාශක ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේ දී එහි ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි.

Powered by Blogger.