Ad

දුමින්ද ඉවතට - ශ්‍රීලනිප මහ ලේකම් එස්.බී.


තාවකාලික නිලධාරී මණ්ඩලය පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණයට අනුව එම පක්ෂයේ ඉහල තනතුරු වල බලය අත්පත් කර ගැනීමට ආණ්ඩුවෙන් ඉවත්වූ 16 කණ්ඩායම මේවනවිට රහසිගත මෙහෙයුමක් ආරම්භකර ඇතිබව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ශ්‍රීලනිපයේ මහ ලේකම් ධුරය එස්.බී. දිසානායක මහතාට ලබා ගැනීම සඳහා දැනටමත් මෙහෙයුමක්  ක්‍රියාත්මක බවට තොරතුරු වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්ඩාගාරික වන එස්.බී. දිසානායක මහතා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පක්ෂයේ සභාපතිනියවී සිටි සමයේ පක්ෂයේ අභ්‍යන්තරයේ පැවති ඡන්දයකින් මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජය කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයට පත්වූ අයෙකි. 

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයෙන් ඉවත්වී පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට පෙරමුණ ගත් අවස්ථාවේදී ඔහු සමග එක්වූ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේවනවිට ශ්‍රීලනිපයේ මහ ලේකම් ලෙස කටයුතු කරයි.

ජනාධිපතිගේ නිලධාරී මණ්ඩලයක් 

පසුගිය 17දා රාත්‍රියේදී රැස්වූ ශ්‍රීලනිප මධ්‍යමකාරක සභාවේදී  ලබන 03වනදා මධ්‍යම කාරක සභාව හා සමස්ත ලංකා කාරක සභාව කැඳවා තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට ද තීරණය කර තිබේ. 

පක්ෂයේ ඉදිරි කටයුතු පුර්ණ එකඟත්වය මත සිදුකල යුතු බවත් එහෙයින් පක්ෂයේ තනතුරු සඳහා ඡන්ද විමසීම් සිදුකිරීම නොකළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

ඒ අනුව තාවකාලික නිලධාරී මණ්ඩලය පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරීමට මාධ්‍ය කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ.

Powered by Blogger.