මංගලගෙන් ගෝඨාට චෝදනාවක්!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ බිහිවූ  දූෂිතම හා භයානකම රාජ්‍ය නිලධාරියා ලෙස සැලකිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සුදු වෑන් සංස්කෘතිය හඳුන්වාදුන් ඔහු රාජ්‍ය සේවකයින්ට දූෂණයෙන් තොරවීමට පවසන බවයි.

මිග් යානු ගනුදෙනුව, ජනතා මුදලින් ඔහුගේ දෙමාපියන් වෙනුවෙන් කෞතුගාරයක් ඉදිකිරීම, ජනමාධ්‍යවේදීන්ට පහර දීම හා ඇතැම් ජනමාධ්‍යවේදීන් අතුරුදන් කිරීම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මේ වන විට පරීක්ෂණ පවත්වමින් පවතින බවත් මංගල සමරවීමට මහතා පවසයි.

මේ වන විට ඔවුන් නැවතත් මහජනතාව නොමග යවමින් ශ්‍රී ලංකාවේ බලය ලබා ගැනීමට උත්සාහ කරන බවත් පැවැති පාලනයට වඩා රටේ ආර්ථිකය හා පාලනය හොඳින් සිදුකිරීමට වත්මන් ආණ්ඩුවට හැකි බූ බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

එසේම ලබන වසරේදී ශ්‍රී ලංකාවට ගෙවීමට සිදුව තිබෙන සමස්ථ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බියන 4.285ක් බවත් එයින් බිලියන 3.315ක් එසේත් නොමැතිනම් 77%ක්ම මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය කාලය තුළ ලබාගත් ණය බවත් අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වෙයි.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව මේ දක්වා ලබාගෙන ඇත්තේ ඩොලර් බිලියන 12ක ණයක් බවත් එයින් ඩොලර් බිලියන 6ක් ම ලබාගෙන ඇත්තේ අවම පොලී අනුපාත යටතේ බවත් සඳහන් කරයි.

Info Sri Lanka TV

Powered by Blogger.