Sex Ed Ad

ගෝඨාට බය මංගල, ගෝඨා හමුවුනා ද? [Videos]




ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කර ඇති අපරාධ හොඳින් දන්නා තමා ඇත්ත වශයෙන්ම ඔහුට බියක් දක්වන බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියි.

තමා පමණක් නොව මේ රටේ බොහෝ දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට පුදුම බයක් තියෙන්න බව ඇමතිවරයා පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ, මුදල් අමාත්‍යංශයේ අද (22) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු කල ප්‍රශ්න කිරිමකදීය.

''ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියනවා ඔබතුමා එතුමගේ හැකියාව ගැන දන්න නිසා බය වෙලා කියලා. ඇත්තටම බය ද?'' එම මාධ්‍යවේදියා විමසා සිටියේය.

එයට පිළිතුරු දුන් ඇමතිවරයා,''එතුමාගෙ වැඩ ගැන දන්න නිසා මම එතුමට බයයි කියන කතාව ඇත්තම ඇත්ත. මොකද මම විතරක් නෙවෙයි මේ රටේ බොහෝ දෙනා ගෝඨාභය රාජපක්ෂට පුදුම බයක් තියෙන්නෙ මොක ද එතුමගෙ හැකියාවන් ගැන මට හොඳ දැනුමක් තියෙනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම මත සිදු වී ඇති බවට සැකකෙරෙන අපරාද මෙතන තියෙනවා.'' යයි කියා සිටියේය.




ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලය විසින් මෙම අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා කර ඇතයි කියන අපරාධ රැසකට අදාල තොරතුරු පත්‍රීකාවක්  මාධ්‍යවේදින්  වෙත බෙදාදෙනු ලැබිය.

අපරාධ රැසක් පිලිබඳ තොරතුරු :

අවිධිමත් ලෙස රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීමට ආධාර අනුබල දීම, කිත්නොයාර් පැහැරගැනීම ආදී අපරාධ රැසක් තොරතුරු එම පත්‍රීකා වල දැක්වේ.

යුද හමුදා බුද්ධි සාමාජිකයන් විසින් 2008.05 .20 දින දෙහිවල දී 'ද නේෂන්' පුවත්පතේ කර්තෘ පැහැරගෙන ගොස් රඳවා තබාගෙන අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් මේජර් ජනරාල් අමල්කරුණාසේකර ඇතුළු යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, අමල් කරුණාසේකර ඇරෙන්න සෙසු සැකකකරුවන් නිදහස් කර ඇති බවත් පැවසු අමාත්‍යවරයා,  ''මම හිතන්නෙ . හැබැයි මම හිතන්නෙ අමල් කරුණාසේකරටවත් මේ අනිත් සාමාජිකයන්ටවත් කීන් නොයර් ගැන තරහක් තිබුණෙ නෑ. මේ අය කරන ලද්දේ අපි දන්න විදියට ඉහළින් ආපු නියෝග ක්‍රියාත්මක කිරීම'' යයි අවධාරණය කර සිටියේය.

''බුදු අම්මෝ මේ වගේ ඒව අහනකොට බය වෙන්නෙ නැත්ද?''

මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවසිය.

''2009-01-08 වැනි දින ගල්කිස්ස පොලිස් වසමේ දී බුද්ධි අංශ සාමාජිකයන් විසින් සන්ඩේ ලීඩර් පුවත්පත් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා උල් ආයුධයකින් ඝාතනය කිරීම. බුදු අම්මෝ මේ වගේ ඒව අහනකොට බය වෙන්නෙ නැත්ද?

වැලිකඩ බන්ධනාගාරයේ දී රැඳවියන් 21 දෙනෙකු ඝාතනය කිරීම. ඒ වගේම යුද්ධ හමුදා බුද්ධි සාමාජිකයන් විසින් රිවිර කර්තෘ උපාල් තෙන්නකෝන්ට පහර දීම. එක්නැලිගොඩ පැහැර ගැනීම මේ ඔක්කොම අපි දන්නව මේ හැම එකක් ම පිටුපස හිටියේ අපි බය විය යුතු ගෝඨාභය රාජපක්ෂ.

රතුපස්වල ඝාතන:

අර වැලිවේරියේ දී උද්ඝෝෂණයේ යෙදුණ අයට පහර දීම. හමුදාවෙ අයට මේව කරන්න කිසිම උවමනාවක් නෑ. ඔවුන්ට මේව කරන්න වුණේ රාජකාරියෙම කොටසක් විදියට. උදාහරණයක් විදියට එක්නැලිගොඩ සාක්ෂි විභාගයේ කට උත්තරේ ම තියෙනව කට උත්තරේ දීපු බුද්ධි අංශ සාමාජිකයව එක්කගෙන යන්න ගෙදරට ආපු අනිත් පුද්ගලය කියල තියෙන්නෙ එන්න යන්න මේක සෙකට්රිගෙ වැඩක් කියලයි. කවුද මේ සෙකට්රි.

මෙයා භීෂකයෙක් විතරක් නෙවෙයි පල් හොරෙක්. දූෂිතයෙක් වංචනිකයෙක්. ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩා ව්‍යාපෘතිය, වීරකැටියේ ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය. ඇත්ත වශයෙන් ම ඉතාම වටිනා මා පිය යුවලක්. ස්මාරකයක් හදල සැමරිය යුතු පුද්ගලයන්.  නමුත් රටේ සල්ලි හොරකං කරල තමන් අනුස්මරණය කළා කියල දැන  ගත්තනං එයාලත් කණගාටු වෙනව කියල මම දන්නවා.

මිග් යානා ගනු දෙනුව. 

මේ ගනුදෙනුව කියන්නෙ ආරක්ෂක ලේකම්වරයා හොඳන් ම දැන දැන එංගලන්තයේ ඇඩ්‍ර්ස් එක නැති බෙලීසිමා කියල ආයතනයකට චෙක් එකක් ලිවුවා. ඒ ලබා දුන්න චෙක් එකයි යුක්‍රේනයේ රජයට ලැබුණ චෙක් එකයි අතර ඩොලර් මිලියන 7.8ක වෙනසක් තිබ්බා. ඩොලර් මිලියන 7.8ක මහා හොරකමක් වුණා. 

මේවට උත්තර දෙන්නෙ නැතුව අපට මඩ ගගහ මෙයා මොකද කරන්නෙ උසාවියෙනුත් හැංගෙනවා. උසාවියට යන්න ඉස්සර වෙලා කෝටි ගණන් වියදම් කරල දක්ෂ නීතිඥයො එකතු කරගෙන උසාවියෙන් තමන්ව අත්අඩංගුවට ගන්න එපා කියල නියෝග දැන් දෙකක් අරගෙන තියෙනවා. 

ඔය කියන තරම් මෙතුමා අහිංසක නම් මම කියන්නෙ උසාවියට මුහුණ දෙන්න.

බටලන්ද : අගමැතිතුමා බය ද?

අගමැතිතුමා ගැනත් මෙතුම එදා මතක් කරල තිබුණ ඇත්ත වශයෙන් ම අගමැතිතුමාට බටලන්ද ගැනත් විවිධ දේවල් කියනකොට එතුම ගිහින් හැංගුනේ නෑ. එදා ජනාධිපති කොමිසන් සභාවට මුහුණ දීල චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක කොමිසන් සභාවෙන් ම එතුම එහෙම දෙයක් නොකළ බවට ඔප්පු කළා. 

ඊට පස්සෙ කාටවත් ඒ ගැන කතා කරන්නෙ නෑ. කතා කරන්නත් බෑ. එතුමා බයේ පැනල ගියේ නෑ. එතුමට හංගන්න දෙයක් තිබුණ නෑ.

ඊයේ පෙරේදා බැඳුම්කර කොමිසමට එන්න කිවුව. ලංකාවේ අග්‍රාමාත්‍යවරයකුට එහෙම කොමිසමකට එන්න කිවුව නං එන්න කිවුව මිනිහ හොයා ගන්නත් නෑ. නමුත් අපේ අගමැතිතුමා බොහෝම නිහතමානීව එතනට ගිහිල්ලා සාක්ෂි දීල ආව. මෙන්න මෙන්න මේකයි වෙනස. 

ඒ නිසා මම ගෝඨාභය රාජපක්ෂට කියන්නෙ කරුණා කරල අභූත චෝදනා නගන්නෙ නැතුව මේ මම කියපු දේවල්වලට පිළිතුරු දෙන්න. තමන්ගෙ නිර්දෝශීභාවය ඔප්පු කරන්න.''

රහසිගතව රාජපක්ෂලා හමුවෙලා ද? 

රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වූ පසු තමා කිසිඳු අවස්ථාවක තනතුරු වරප්‍රසාද ලබා ගැනීමට හෝ වෙනත් කිසිඳු කාරණයක් සඳහා රාජපක්ෂවරු හමුවීමට නොගිය බව අවධාරණය කර සිටින මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා, රාජපක්ෂවරුන් නම් තමා හමුවීමට පැමිණි බව කියා සිටියි.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී මංගල සමරවීර මහතා ඔහුගේ හිතවතකු වන රුවන් ෆර්දිනන්දිස් හරහා තමා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට උත්සහ කල බවට ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා කර තිබු ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කල විමසීමකදී ඇමතිවරයා මෙසේ පැවසිය.




''2014 සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල දී රාජපක්ෂලා මාව හම්බ වෙන්න ඕනෙ කිවුවා. ගෝඨාභය රාජපක්ෂ පවා හම්බ වෙන්න ඕනෙයි කිවුවා. 

නමුත් මම ගෝඨාභය රාජපක්ෂ හමු වීම ප්‍රතික්ෂේප කළත් මම කිවුව මට එක එක්කෙනා හම්බ වෙන්න තැන් තැන්වලට එන්න බෑ මහින්ද රාජපක්ෂට ඕනෙ නං මාව හම්බ වෙන්න මගෙ ගෙදරට එන්න කියල. 

ඒ අනුව එතුමා මාව හම්බ වෙන්න ආව මගේ ගෙදරට. එහෙම නැතුව මම ඔය කාවවත් හම්බ වෙන්න කොහෙවත් ගියෙ නෑ.''

Latest Video

Powered by Blogger.