පක්ෂ නායක රැස්වීමට ශ්‍රීලනිපයේ පක්ෂ නායකයෙක් නෑ



පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (22දා) පැවැති පක්ෂ නායක රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂ නායකයෙකු සහභාගි නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පක්ෂ නායකයෙකු වශයෙන් දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගි වූ බවද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ දසාසිරි ජයසේකර මහතාගේ ප්‍රකාශය වැරදි බවත්,සරත් අමුණුගම මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් සහභාගි වූ බවත්ය.

එහෙත් දයාසිරි ජයසේකර මහතා නැවත වරක් සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කිසිදු මන්ත්‍රීවරයෙකු සහභාගි නොවූ බවයි.

Info Sri Lanka TV

Powered by Blogger.