Ad

වැලිකඩට හමුදාව යැවූ අයට වැඩ වරදින ලකුණු : ගෝඨාට බඩු ද?



වැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධියට යුද හමුදාවට වැලිකඩ බන්ධනාගාරය තුළට යෑමට නියෝග ලබා දුන් වගකිව යුතු නිලධාරින් සම්බන්ධයෙන් ද අවධානය යොමු කර විමර්ශන සිදු කරන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චමරී වීරසුරිය මහත්මිය ඊයේ (22) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළාය.

ඝාතනයට ලක් වු ඥාතින් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනි සිටි නීතිඥ සේනක පෙරේරා විසින් සිය සේවාදායකයන්ට යුක්තිය ඉටු වන්නට නම් මෙම ඝාතන කිරිමට වැලිකඩ බන්ධනාගාරය තුළ ට යුදහමුදාවට යෑමට නි‍යෝග දුන් පුද්ගලයින් සම්බන්ධ ව ද විමර්ශන සිදු විය යුතු බවත් ඒ සම්බන්ධව අධිකරණයේ අවධානය යොමු කරන ලෙසට කරන ලද ඉල්ලීම සලකා මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළාය.

සිද්ධිය ඊයේ නැවත කැඳවු අතර වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් රහස් පොලිසිය දන්වා සිටියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව යන අයගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවය.

සැකකරුට ලැබි ඇති ඇමතුම් හා ලබා ගත් ඇමතුම් සම්බන්ධයෙන් ආයතන මඟින් වාර්තා කැඳවා විමර්ශන පවත්වන බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සේනක පෙරේරා පවසා සිටියේ බිහිසුණු ඝාතන සිද්ධිය වන මෙය සම්බන්ධයෙන් ත්‍රි පුද්ගල කම්ටුවක් පත් කර එහි සාක්කි කැඳවා කම්ටු වාර්තාව ද එළි දක්වා ඇති බවත් මෙම ඝාතන සිදු කිරිමට යුදහමුදා කණ්ඩායමට වැලිකඩ බන්ධනාගාරයට ඇතුළුවිමට නියෝග දුන් අය සම්බන්ධයෙන් ද රහස් පොලිසිය විමර්ශනය සිදු කළ යුතු බවය. මෙහිදි අදාල විමර්ශන සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය රහස් පොලිසියෙන් ප්‍රශ්න කර සිටි අතර රහස් පොලිසිය පැවසුවේ යුද හමුදාවෙන් අවශ්‍ය ප්‍රකාශ ලබා ගෙන විමර්ශන ඉදිරියට සිදු කරන බවය.

තවද ගිනිඅවි රජයේ රස පරික්ෂක වෙත යොමු කර ඇති බව දැන්වු රහස් පොලිසිය ඉදිරි විමර්ශන සම්බන්ධ වාර්තාවක් ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කරන බව දන්වා සිටියේය. මෙහිදි අගතියට පත් පාර්ශ්වයේ ඉල්ලීම සම්බන්ධව ද අවධානය යොමු කර විමර්ශන සිදු කරන ලෙසට රහස් පොලිසියට මහෙස්ත්‍රාත්වරිය නි‍යෝග කළාය. සැකකරුවන් වෙනුවෙන් ලිඛිත දේශන ගොනු කරනු ලැබු අතර අදාළ කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් දෙදෙනා ලබන මස 5 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියම කළාය.

මෙම සිද්ධියට එන දුන් බවට චෝදනා එල්ල වී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ටයි.

Powered by Blogger.