ශ්‍රීලනිප 16 සාකච්ඡා සාර්ථක වෙතැයි, මහින්ද විශ්වාසය පළකරයි.



ජාතික ආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 16 දෙනා අද (23 දා) සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමට නියමිතය.

වත්මන් ආණ්‌ඩුව පිළිබඳව එක්‌සත් ජාතික පක්‍ෂයේ අය පවා කලකිරීමෙන් සිටින බවත් ඉතා ඉක්‌මනින් ප්‍රගතිශීලී බලවේග ඇතුළු සියලු දෙනා එකතුවී මෙම ආණ්‌ඩුව පෙරළා දමා නව ආණ්‌ඩුවක්‌ බිහි කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත බවත් ආණ්‌ඩුවෙන් ඉවත් වූ හිටපු ඇමැති එස්‌. බී. දිසානායක මහතා පැවැසීය.

ඊට අමතරව ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්‌කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පක්‍ෂ නායකයන් සමඟ ද සාකච්ඡා කරන බව දිසානායක මහතා කීය. 

තමන් හමුවීමට පැමිණෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මෙම මන්ත්‍රීවරු 16 දෙනා තමන්ට අමුත්තන් නොවන බවත්, ඔවුන් තම රජයේ මැති ඇමැති ධුර දැරූ අය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

ජාතික ආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා සමඟ පවත්වන සාකච්ඡා අතිශය සාර්ථක වනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (22 වැනිදා) පැවසීය.

තමන් හමුවී සාකච්ඡා පවත්වන මන්ත්‍රීවරුන් 16 දෙනා තමාට අමුත්තන් නොවන බව පැවසූ රාජපක්‍ෂ මහතා රටේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳවත් ඉදිරි දේශපාලන වැඩ පිළිවෙළ පිළිබඳවත් සාකච්ඡා කරන බවද කීය.

සාකච්ඡාවට එක්‌වන මන්ත්‍රීවරුන් 16 දෙනාගේ පොදු අරමුණ කුමක්‌ද යන්න මුලින්ම සලකා බලා ඒ ඔස්‌සේ ඔවුන්ගේ අරමුණු සහ ඉදිරි දේශපාලන සැලසුම් පිළිබඳව ද සාකච්ඡා කරන බවද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Latest Video

Powered by Blogger.