Ad
Ad

මහරගම ජනතා අපේක්ෂාවන් වෙනුවෙන් ධනුෂ්කගෙන් 'ගම් පියස'


මහරගම නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක මහතාගේ  "ගම් පියස" ප්‍රජා සම්බන්ධීකරණ කාර්‍යාලය ඊයේ (24) මහරගම වත්තේගෙදර ප්‍රදේශයේ දී විවෘත විය.

ඒ, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලී චම්පික ‍රණවක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙනි.

එම උත්සවයට ගෞරවණීය මහා සංඝරත්නය, මහජන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූ අතර දේශපාලන පක්ෂ බේදයකින් තොරව මහරගම බලප්‍රදේශයේ සියලු ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් කැපවුණු ප්‍රජා සම්බන්ධීකරණ කාර්‍යාලයක් බිහිකිරීම මෙම 'ගම් පියස' මධ්‍යස්ථානයේ අරමුණ බව නාගරික මන්ත්‍රීවරයා එහි දී සඳහන් කළේය.

ප්‍රදේශයේ විවිධ රැකියාවල නියුතු විසි දෙනෙකු සදහා ජීවිත රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීමද එහිදී සිදුවිය.

මැතිවරණ සමයේදී පක්ෂ දේශපාලනය සහ ජයග්‍රහණය ඉලක්ක කරමින් විවෘත කරන කාර්‍යාලයක් නොවී ඕනෑම තරාතිරමක පුරවැසියන්ට පක්ෂ බේදයකින් තොරව සේවය සැපයීම "ගම් පියස" ප්‍රජා සම්බන්ධීකරණ කාර්‍යාලයේ අරමුණ බවත් ධනුෂ්ක රාමනායක මහතා වැඩිදුරටත් ප්‍රකශ කළේය.




Powered by Blogger.