ආණ්ඩුව දිනා ගත්තේ මෛත්‍රීවත් රනිල්වත් නෙමෙයි, තරුණයෝ.



වැඩ කළ හැකි තරුණ නායකයින් බොහෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ සිටියද, ඔවුනට ඒ සඳහා අවස්ථාවක් ලබාදී නොමැති බව ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.  

මහරගම පැවති උත්සවයකින් අමතමින් සුජීව සේනසිංහ මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.

සුජීව සේනසිංහ කාන්තා පදනමේ ස්වයං රැකියා පාඨමාලා නිමාකළ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කාන්තාවන් 300 දෙනෙකු සඳහා සහතික පත් ප්‍රධානය කිරීම වෙනුවෙන් ඊයේ(24) මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී මෙම උත්සවය පැවැත් විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ තමාට හිමිව ඇති රාජ්‍ය අමාත්‍ය ධූරය කිසිදු වැඩක් කිරීමට හැකියාවක් නොමැති බවයි.

එය සමත මණ්ඩලයයේ සභාපති ධූරයක් වැනි අමාත්‍යාංශයක් බවත් එහිදී කළ හැක්කේ ආරවුල් සමතයකට පත් කිරීම පමණක් වන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් එම අමාත්‍යාංශය තුළින් තමාට කිසිවක් කිරීමට ඉඩක් නොලැබෙන්නා සේම රටට කිරීමට අවස්ථාවක් නොදෙන බවත් පැවසු අමාත්‍යවරයා, එක්සත් ජාතික පක්ෂයේ වැඩ කළ හැකි තරුණ පිරිසට අවස්ථාවක් අද වන විට නොලැබී ඇති බව ද කියා සිටියේය.

මෙම ආණ්ඩුව නිර්මාණය කිරීමේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නොව විශාල කැප කිරීමක් තමන් වැනි තරුණ නායකයින් ඉටු කළ බව ද සුජීව සේනසිංහ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

වැඩසටහනින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ කිහිපයකටද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබා දුන්නේය.

Latest Video

Powered by Blogger.