ශ්‍රී ලංකන් ගුවන් යානයක් මහ අනතුරකින් බේරෙයි



අධික වැසි සහ දැඩි සුළං මධ්‍යයේ ඉන්දියාවේ කොචින් අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත ගොඩබාමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් , සිදු වීමට ගිය මහා අනතුරකින් වළක්වාලමින් සාර්ථකව ගොඩ බෑමට එහි නියමුවා ඊයේ (27දා) සමත් වී ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 167 දරණ ගුවන් යානය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 කොචින් අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට සූදානම් වෙත් දී ,එම ගුවන් තොටුපොළ අවට දැඩි සුළං සහ අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්වයක් පැවතී ඇත.

එවිට මෙම යානය තුළ මගීන් 228 ක් සහ කාර්යය මණ්ඩලය 12 ක් ගමන් කරමින් සිට තිබේ.  මෙම  ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත A-330 වර්ගයේ යානයකි.  කොචින් ගුවන් තොටුපොළ වෙත ගොඩබාමින් තිබූ ගුවන් යානය එකවරම එක පසෙකට ඇල වෙමින් ලිස්සා ගොස්, එම ධාවන පථය තුළ සවි කර තිබූ විදුලි පහන් කීපයකට හානි සිදු වී තිබේ .

එහෙත් පසුව මෙම යානයේ නියමුවා මෙම දුෂ්කර තත්වයේ වුවද , යානය පාලනය කර ගනිමින් , එහි වූ මගීන්ට කිසිදු කරදරයක් නොවන පරිදි සාර්ථකව  ගොඩ බෑමට සමත් වී ඇත. මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරුවරුන් පිරිසක් කොචින් අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත ගොස්, යානයට යම් ආපදාවක් සිදු වී ඇත් ද යන්න පිළිබඳව පරීක්ෂා කරමින් සිටියි.

Latest Video

Powered by Blogger.