ගෝඨාභය ඒකාධිපතියෙක් : ඒකාබද්ධයෙන්ම විරෝධයක්.



ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට නොගැලපෙන බවත් ඔහුට ජනාධිපති අපේක්ෂකයෙක් වී ජය ගත නොහැකි බවත් මහින්ද පිලේ මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කරන අතර එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පවසන්නේ “ජනාධිපතිවරණයක් පවත්වන්නම සිද්ධ වුනොත් අපේ පැත්තෙන් චමල් හොඳයි කියලයි මෙගේ අදහස” යනුවෙනි.

ගොඨාභය රාජපක්ෂ මහතා මිලිටරි නායකයෙකු බවත් එවැනි පුද්ගලයෙකු රාජ්‍ය නායකයා වීම සුදුසු නැති බවත් වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කරයි.

එමෙන්ම ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20 වෙනි සංශෝධනය ගැන අදහස් දක්වමින් ඒ මහතා පවසන්නේ වත්මන් ජනාධිපතිවරයාම පාර්ලිමේන්තුවෙන් යෝජනා කරන ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට එකඟතාවයකට පැමිණිය හැකි බවත්  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් පාර්ලිමේන්තුවේ බලය ලබාගැනීමට අදහස් කරන බවත්ය.

Info Sri Lanka TV

Powered by Blogger.